පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.
අද (17) පෙරවරුවේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ස්වර්ණවාහිණී නාලිකාවේ ප්‍රගීත් පෙරේරා මහතාගේ සහ සිරස TV නාලිකාවේ පාර්ලිමේන්තු වාර්තාකරු කසුන් සමරවීර මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් තර්ජනය කර ඔවුන්ගේ දුරකතන දෙක පැහැරගෙන තිබුණා.
මීට හේතුවී තිබුණේආණ්ඩු පක්ෂයේ කමිටු රැස්වීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණෙන මන්ත්‍රීවරුන් අදාළ ජංගම දුරතකනවලින් වීඩියෝ කළායැයි වන සිදුවීමක්.
[email protected] වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ ස්වර්ණවාහිනී පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රගීත් පෙරේරා මහතාට පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු තර්ජන කර, පහරදීමටද උත්සහ කළ බවයි.