27 C
Colombo
Friday, April 19, 2024

පිස්තෝලේ පතුරම් 10 ඉවර වෙනකල් මම සටන් කරනවා කියලා මම කිව්වා

- Advertisement -

2009 යුද්ධය අවසන් වී හමුදාපති ධූරයෙන් සමුගත් පසුත් තමාට නිළධාරීන් 80 ක ආරක්ෂාවක් ලබාදී තිබූ නමුත් 2010 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර අවසන් වනවිටම එම ආරක්ෂකයන් සියලු දෙනා ඉවත් කර තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

අවසානයේ තමාට ඉතිරි වූයේ ගෙදර බල්ලා සහ පිස්තෝලය පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී ඇති වූ සාකච්ඡාවේදී අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා විසින් පලකළ අදහසකට පිළිතුරු දෙමින්.

“ඒ වගේ ඉතිහාසයක් තියෙනවා ආරක්ෂාව ඉවත් කිරීම ගැන. අපි තනියම හිටියේ. අපිට කවුරුහ‍රි ගැහුවත්, මැරයො ආවත්, ත්‍රස්තවාදීන් ආවත් කමක් නෑ, මම කියලා තිබුණා පිස්තෝලේ පතුරම් 10 එවර වෙනකල් මම සටන් කරනවා කියලා. එතකොට ඒ වගේ ඉතිහාසයක් තියාගෙන එක එක අයගෙ ආරක්ෂාව ඉවත් කළා කියලා කතා කරනවා.” යැයි ඒ මහතා පවසයි.

RECENT ARTICLES - SINHALA

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...