31 C
Colombo
Friday, April 19, 2024

උදේ නැගිට්ටම කල්පනා කරන්නෙ නැවට සල්ලි ගෙවන විදිය – රනිල් වික්‍රමසිංහ

- Advertisement -

ඉදිරියට පැමිණීමට නියමිතව ඇත්තේ නරක කාලයක් බවත් මේ ආකාරයෙන් රජයක් ගෙනයෑමට නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සෑම උදෑසනකම කල්පනා කරන්නේ නෞකාවලට මුදල් ගෙවන ආකාරය බවත් ඉන් එකකට හෝ මුදල් ගෙවීමට නොහැකි වුවහොත් ඒ දවසේ හිඟයක් ඇතිවන බවත් කොළඹදී පැවති සමුළුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.

“ලොවපුරා ආහාර හිඟයක් ඇතිවෙනවා. රටවල් රැසක් දැනටමත් ආහාර අපනයනය අත්හිටුවලා. අපි යුක්‍රේනය අර්බුදය, ශ්‍රී ලංකාවේ අර්බුදය සමග පටලවාගන්නේ නැහැ. සිදුවුණේ යුක්‍රේන අර්බුදය සමග ශ්‍රී ලංකාවේ අර්බුදය උග්‍ර වුණ එක. අපි හරි වෙලාවෙදි IMF එකට ගියේ නැහැ.

අපේ විදෙස් මුදල් ලැබෙන ක්‍රමවේද අවහිර වෙලා. මේ වනවිට ඉන්ධන සඳහා දිගු පෝලිම් පවතිනවා. හැම උදෑසනකම අපි හිතන්නේ නෞකාවලට මුදල් ගෙවන ආකාරය ගැන. ඒ එකකට ගෙවන්න බැරි වුණොත්, ඒ දවසේ හිඟයක් ඇතිවෙනවා. මේ විදිහට රජයක් ගෙනියන්න බැහැ. නරක කාලය එන්න තියෙන්නේ ඉදිරියට. අපිට ආහාර නැතිවෙයි. අපේ ආහාර සැපයුම් ප්‍රමාණවත් වෙන්නේ ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් දක්වා පමණයි.

අපිට ගිය යල හෝ මහා කන්නය සඳහා ප්‍රමාණවත් රසායනික පොහොර තිබුණෙ නැහැ. අපි මේ උත්සාහ කරන්නේ ලබන මහ කන්නයට පොහොර ලබාගන්න. ඒක කරගන්න පුළුවන් වුණොත් ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු සාධනීය තත්ත්වයක් ළඟා වෙයි.

අපි ඒ අතරේ මොකද කරන්නේ ? ආර්ථිකය කඩාවැටෙද්දී, තව තව රැකියා අහිමිවෙයි. කුඩා හා මහා පරිමාණ කර්මාන්ත කඩාවැටෙයි. අපි මේ යන්නේ එතනට. මිනිස්සුන්ට දිනකට ආහාර වේල් තුනක් නොලැබෙන කාලයක් එයි. අපි කුසගින්න පිටුදකින්න ඕනේ.

අපිට මේ වසර තනියම ගෙනියන්න බැහැ. අපි ප්‍රතික්ෂේප කරපු අය ගාවට අපිට යන්න වෙනවා. ජපානයට. මොන රට ද ඩොලර් බිලියන 3ක ආධාරයක් ප්‍රතික්ෂේප කරන්නේ? ස්තූති කරන්නෙවත් නැතිව, සාකච්ඡාවක්වත් නැතිව ? අපි ඒ අයගේ විශ්වාසය දිනාගන්නේ කොහොමද? වාසනාවට අපිට ඉන්දියාව උදව් කළා. චීනයත් අපට සහාය ලබාදී තියෙනවා. අපිට යුරෝපය හා බටහිර දෙසත් බලන්න වෙනවා. ඒ අතරම ණය ගැනත් බලන්න ඕනේ. මොකද, චීන ණය ප්‍රතිපත්ති අනෙක් අයට වඩා වෙනස්.”

RECENT ARTICLES - SINHALA

වසර 34කට පසුව කොටු වූ ඝාතකයා

වසර 34ක් පුරා අධිකරණය මඟහැර සැඟවී සිටි අපරාධකරුවෙකු ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

ශ්‍රීලනිප අභ්‍යන්තර ගැටලු විසදන්න අපිට බලයක් නැහැ- මැතිවරණ කොමිෂන් සභාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය...

සිරිල් ගාමිණි පියතුමා CIDයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට “ඥානාර්ත ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණි පියතුමන් අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...