26 C
Colombo
Wednesday, February 19, 2025

මට නිල නිවසේ ඉන්න කිව්වේ මානව හිමිකම් කොමිසමෙන් – චන්න ජයසුමන

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ඇමති ධුරය දැරූ කාලයේ තමන්ට හිමි වූ නිල නිවසේ බලෙන් රැඳී සිටි බවත් ඔහු ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලැබුණු බවත් දක්වන පුවත පිළිබඳව පැහැදිලි කරන ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා පවසා තිබෙන්නේ ඒ මහතා නිල නිවසේ රැඳී සිටියේ මානව හිමිකම් කොමිසමෙන් ලබාදුන් තීන්දුවකට අනුව බවයි.

2022 මැයි මස 9 වෙනි දින නිවාස ගිනි තැබීම් වලින් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වන්දි ලබා දීමේදී සිදුවන අසාධාරණය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසුව මානව හිමිකම් කොම්සම ලබාදුන් තීන්දුවකට අනුව තවදුරටත් නිල නිවාසය රැඳී සිටීමට චන්න ජයසුමන මහතාට අවස්ථාව හිමි වූ බව ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා පවසනවා.

එසේ රැඳී සිටි කාලසීමාවට අදාළව නිවාස කුලී සහ අනිකුත් සියලුම ගෙවීම් මන්ත්‍රීවරයා සිදු කර ඇති බවත් මේ සම්බන්ධව නීතිමය කාර්යක් සිදුවන බව මන්ත්‍රීවරයා දැනුවත්ව සිට නැති අතර, මෝසමක් මගින් ගරු අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද සඳහන්.

මේ ඒ පිළිබඳව ඔක්තෝම්බර් 07 වෙනිදා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත්‌ පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත මානව හිමිකම් කොමසාරිස්වරයා යවනු ලැබූ ලිපිය පහතින්,

“ලේකම්‌,
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත්‌ පාලන අමාත්‍යාංශය,
නිදහස්‌ චතුරශ්‍රය, කොළඹ 07.
පැමිණිලි අංකය : 1114 (2/39048/22.
පැමිණිලිකරු : චන්න ජයසුමන මයා

උක්ත පැමිණිලිකරු විසින්‌ ශ්‍රී ලංකා මානව හිමිකම්‌ කොමිෂන්‌ සභාව වෙත පැමිණිල්ලක්‌ යොමු කර ඇති අතර, එකී පැමිණිල්ලට අදාළ ලේඛනවල පිටපත්‌ ඔබගේ පහසුව සඳහා මේ සමඟ ඉදිරිපත්‌ කරමි.
එකී පැමිණිල්ලට අනුව පැමිණිලිකරු ඖෂධ නිෂ්පාදන, සැපයීම්‌ හා නියාමන රාජ්‍ය අමාත්‍ය ධුරය දරමින්‌ ඔබ අමාත්‍යාංශයට අයත් කොළඹ 07, හෙක්ටර්‌ කොබ්බෑකඩුව මාවත ( CD 85 දරණ රජයේ නිල නිවසේ පදිංචි වී ඇත.
නමුත්, රජයේ බංගලා නිල නිවසේ පදිංචි කාලසීමාව 2022.11.08 දිනෙන්‌ අවසන්‌ චන බැවින්‌ එදිනට පෙර එකී නිල නිවස නැවත භාර දෙන ලෙසට ඔබගේ අංක HD/H /G/B/2020/CD 85 හා 2022.09.14 දරණ ලිපිය මඟින්‌ පැමිණිලිකරු වෙත දැනුම්‌ දී ඇත.
නමුත් 2022.05.09 දින රටේ ඇතිවූ කලහකාරී සිදුවීම්‌ නිසා පැමිණිලිකරුගේ පෞද්ගලික නිවස හා කාර්යාලය මුළුමනින්ම විනාශ වී ඇති බවත්, පැමිණිලිකරුට පදිංචියට යාමට වෙනත්‌ ස්ථානයක්‌ නොමැති බවත්, විනාශයට පත් දේපල සම්බන්ධයෙන්‌ සහනයක්‌ ලැබෙන තෙක්‌, එම නිල නිවසේම රැඳී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම්‌ කොමිෂන්‌ සභාවේ මේ පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණ කටයුතු අවසන්‌ වනතෙක්‌, පෑමිණිලිකරුට දැනට අදාළ නිල නිවසේ රැඳී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙස මෙයින්‌ දන්වා සිටිමි.
නිමල් කරුණාසිරි,
කොමසාරිස්”

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES