27.5 C
Colombo
Wednesday, October 4, 2023

මහින්ද රාජපක්ෂ එල්ල කළ පීඩනය නිසා මට පිළිකාවක් හැදුණා – චන්ද්‍රිකා

- Advertisement -

තමන් ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගොස් වසර 6 කට පසුව තමන් හට පියයුරු පිළිකාවක් හටගත් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

තමන් ඉතාමත් නිරෝගී කාන්තාවක් බවත් පිළිකාවක් හට ගැනීමට හේතුවන කිසිදු හේතුවක් තමන් හට නොතිබූ බවත් ඇය සදහන් කළේ Youtube නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

කෙසේ වෙතත් පිළිකාවක් සෑදීමට හේතුවන මානසික පීඩනය (Stress)තමන් ජනාධිපති ධූරයෙන් ඉවත්වූ දා පටන් වසර ගණනාවක් යන තුරුම තිබූ බවද ඇය මෙහිදී සදහන් කරනවා.

තමන් ධූරයෙන් ඉවත්වූ දා සිට ඉන් අනතුරුව ජනාධිපති ධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතා විවිධාකාරයේ මානසික හිංසා පීඩා තමන් වෙත එල්ල කල බවද ඇය සම්මුණ සාකච්ඡාවේදී පවසනවා.

ඇයගේ දියණිය වන යශෝධරා කුමාරතුංග මහත්මිය පවසා ඇත්තේ මෙම මානසික පීඩාවන් නිසාවෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පිළිකා තත්ත්වය හටගන්නට ඇති බවයි.

කෙසේ වෙතත් මූලික අවධියේදීම පිළිකා තත්ත්වය හදුනාගැනීමට හැකිවූ බැවින් ඇය මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද චන්ද්‍රිකා මහත්මිය මෙහිදී සදහන් කළා.

ඊට අදාල දර්ශන පහතින්, (1.25.00 සිට නරඹන්න)

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...