28.4 C
Colombo
Friday, April 26, 2024

ශ්‍රී දේවි සහ අනෙක් අලි බලහත්කාරෙන් අරන් යනකොට මම අසරණ උනා – ඉෂිනි

- Advertisement -

පින්නවල අලි ඇතුන් 15 දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන යද්දී තමන් අසරණ වූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පවසනවා.

පසුගියදා ලද අධිකරණ නියෝගයත් සමඟ පින්නවලින් අලියෙකු රැගෙන ගිය අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සිය ෆේස්බුක් ගිණුමේ පල කරමින් ඇය මේ බව කියා සිටිනවා.

“ශ්‍රී දේවි ඉතා ආදරණීය හා ආදරණීය අලියෙක් .. ඇය පින්නවල සිටි මගේ ප්‍රියතමයා .. ඇය සහ අනෙක් අලි ඇතුන් පින්නවලින් බලහත්කාරයෙන් රැගෙන යන අවස්ථාවේදී මම අසරණ වුනා.. කෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා සතුන්ගේ නිදහස උදුරා ගැනීම මොනතරම් කෘරකමක් ද? ” යැයි එහි ඇය සටහන් කර තිබුණා.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය සහ නීතිපතිවරයාගේ උපදෙස් මත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝගය මගින් දැනට රජය විසින් රඳවාගෙන සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයට සමුදුන්නා.

අධිකරණ තීන්දුව අනුව අලි ඇතුන් යළි මුල් අයිතිකරුවන්ටම ලබාදුනහොත් එම අලි ඇතුන් නීතිවිරෝධීව අල්ලාගත් ජාවාරම්කරුවන්ටම ආපසු ලබා දීමට නියමිත බවට පරිසරවේදීන්ද මීට පෙර පෙන්වා දී තිබුණා.

ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිහමල් සොහොයුරු හා වන TNL නාලිකාවේ හිමිකරුවන ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණියද වනවා.

ඇය මෙම තනතුරට පත්වීමට පෙර TNL නාළිකාවේ විධායක අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කළා.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදි ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාපක්ෂ මහතාට සහය පලකරමින් කටයුතු කළා.

වරෙක ඇය පවසා තිබුණේ ගෝඨාභය රාපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකු වුවද ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කරන බවයි.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...