26 C
Colombo
Friday, March 29, 2024

රසායනික පොහොර තහනම් කරන්න කියලා මම කිව්වෙ නැහැ – රතන හිමි

- Advertisement -

රසායනික පොහොර තහනම් කිරීමේ පියවර පිටුපස තමන් සිටි බවට කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

රසායනික පොහොර තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන තුරු තමන් ඒ පිළිබඳව කිසිදු දෙයක් දැන නොසිටි බවද උන්වහස්නේ අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා සිටියා.

කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා දැවැන්ත මතවාදී ව්‍යාපාරයක් දියත් කළ බවත්, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් පැය 24ක් තුළ කාබනික ගොවිතැන හඳුන්වා දිය හැකි බවට කිසිවිටෙකත් යෝජනා නොකළ බවත් රතන හිමියන් පවසනවා.

මෙම කාබනික ගොවිතැන් සංකල්පය ක්‍රියාවට නැංවීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටු දෙකෙන් එකකටවත් තමන් ඇතුළත් නොවූ බවද රතන හිමියන් මෙහිදී පෙන්වා දුන්නා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...