27.4 C
Colombo
Wednesday, June 7, 2023

ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපු පොඩි ළමයිට මම උත්තර දෙන්නෙ නෑ

- Advertisement -

ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට පැමිණි ආපු පොඩි ළමයින්ට පිළිතුරු ලබා දීමට තමන් සූදානම් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම, කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන 21 වනදා ජනාධිපතිවරයාවත් ඉන් පසුව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාවත් හමුවීමට සූදානම් බවත් ඒ මහතා පවසනවා.

කුමන පක්ෂයක් පැමිණිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳනොවැටෙන බවත් ‘බල්ලන් බිරූ නමුත් කඳු පහත් නොවන’ බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“21 වනදා ජනාධිපතිතුමාව හමුවෙන්න අපි ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුව එතුමාව හමුවෙනවා. සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන දේ දැම්ම කියන්න බෑ. අපේ ජනාධිපතිතුමා හමුවෙන්න අපිට පදනමක් ඕනේ නෑනේ. අපි බැසිල් රාජපක්ෂ මහතා සමගත් සාකච්ඡා කරනවා. කතා කරලා බලමු මොකද වෙන්නේ කියලා. මම කියන්න තියෙන දේ ගිය සතියේ කිව්වා. ආයේ කතා කරන්න දෙයක් නෑ. ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපු පොඩි ළමයි කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ. බල්ලො බිරුවට කඳු පාත්වෙන්නේ නෑ නේ. මොන පක්ෂයක් ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටෙන්නේ නෑ.”

RECENT ARTICLES - SINHALA

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...