29.7 C
Colombo
Thursday, April 25, 2024

මම වල් නැහැ. ඉතිං මම සමාව ගන්නෙත් නැහැ – තිස්ස කුට්ටිආරච්චි (වීඩියෝ)

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා පසුගියදා අයවැය දෙවන වර කියැවීමේ විවාද අවස්ථාවකදී සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (23) පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස අවවාද කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහිණී කවිරත්නට අදාළව සිදුකල අසභ්‍ය ප්‍රකාශයකට අදාලවයි.

මෙවැනි තත්ත්වයන් ඉදිරියේ ඇතිවීම වළක්වා ගැනීම සඳහා දෙපාර්ශවයේ ම ප්‍රධාන සංවිධායකවරුන් විසින් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස ද කතානායකවරයා දැනුම් දුන්නා.

කෙසේවෙතත් තමන් කාන්තාවන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් පාර්ලිමේන්තු සභාව තුළ නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

තමන් එලෙස අසභ්‍ය වචනයක් කීවේ නම් එය කුමක්දැයි තමන්ට වටහා දෙන ලෙසට කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියා.

තමන් කිසිදු අසභ්‍ය වචනයක් කාන්තාවන්ට එරෙහිව සිදු නොකළ බැවින් තමන් කිසිසේත් සමාව ගැනීමට තමන් සූදානම් නොමැති බව තිස්ස කුට්ටිආරච්චි මහතා සදහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නැගී සිටිමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ ගෞරවය පාර්ලිමේන්තුව තුළ රැක දෙන ලෙසයි.

මන්ත්‍රීවරුන්ගේ මෙවැනි හැසිරීම් හා සෘජු හෝ වක්‍ර අසභ්‍ය ප්‍රකාශ මගින් කාන්තාවන්ට සිදුකරන මෙවැනි අපහාස තමන් කිසිසේත් අනුමත නොකරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට විවේචන එල්ල වුණා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...