24 C
Colombo
Sunday, December 10, 2023

මට එරෙහිව නඩු පවරන්නේ නැහැ – මෛත්‍රීපාල

- Advertisement -

පාස්කු ප්‍රහාරයට අදාළව තමන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුවෙතැයි බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය වැඩසටහන යටතේ දිස්ත්‍රීක් පුරා පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවේ පළමු වැන්න ඊයේ (29) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදි පැවැත්වුණා.

එයට එක්වු හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කර සිටියේ පාස්කු ප්‍රහාරයට අදාළව ඉදිරි දෙසතිය තුළ නඩු පවරන බව අධිකරණය අමාත්‍යවරයා පවසා ඇති පසුබිමක ඔබට එරෙහිව නඩු පැවරීමක් සිදුවුවහොත් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වන්නේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එවැනි තත්ත්වයක් ඇතිවේ යැයි තමන් නොසිතන බවයි.

එසේම පසුගියදා හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීම සිදුවූයේ මෙම නඩු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටදැයි මෙහිදි මාධ්‍යවේදින් ප්‍රශ්න කළා.

එම ප්‍රශ්නයට මද සිනහාවක් සමගින් පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ එදින වත්මන් ජනාධිපතිවරයා හමුවීම සිදුකළේ තමන් තනිවම නොවන අතර එහිදි සාකච්ඡා කළේ රටතුළ පවතින කාලීන ප්‍රශ්න පිළිබදව බවයි.

කෙසේ වෙතත් ඉකුත් ජූලි මස 12 වනදා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීම කඩිනම් කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යැවු ලිපියේද හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති කොමිසම දක්වා ඇති නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබුණා.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දක්වා තිබුනේ ” 2019 අප්‍රේල් මස 04 දිනට පෙර කරුණු පිළිබද සලකා බැලීමේදි ජනාධිපති සිරිසේන සිය රාජකාරි සහ වගකීම් පැහැර හැර ඇති බවත් මෙම අසාර්තකත්වය හුදෙක් සිවිල් නොසැලකිලිමත් බව ඉක්මවා යන පරීක්ෂණ කොමිෂන් සභාවේ අදහසයි. එබැවින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සාපරාධි වගකීමක් ඇති බවත් දණ්ඩ නීති සංග්‍රාහයේ සුදුසු විධිවිධාන යටතේ ජනාධිපති සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලීම කළ යුතු බවට පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි ” යනුවෙනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන විශ්ලේෂණාත්මකව අධ්‍යනය කිරීමේදි පෙනියන ප්‍රධාන කරුණක් වන්නේ ප්‍රහාර වළක්වා ගැනීම පිළිබද කිසිදු වගකීමක් ගැනීමට අකමැති වූ හිටපු ජනාධිපතිවරයා එහි වගකීම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පිට පමණක් පැවරීමට උත්සහා කළ බවද එහි දක්වා තිබුණා.

ප්‍රහාරයෙන් පසු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ දිගින් දිගටම තමන්ට වගකීමක් නැතැයි කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදීමේදිද ප්‍රකාශ කළේ ප්‍රහාරය පිළිබද ලද පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර පිළිබද තමන් කිසිවක් දැන නොසිටි බවයි.

කෙසේ වෙතත් කොමිසමේදි වෙනත් වගඋත්තරකාර පාර්ශවවල නීතිඥයින් සිදුකළ හරස් ප්‍රශ්න විමසීම් හමුවේ හිටපු ජනාධිපතිවරයා නොසන්සුන්තාවයකට පත්වීම හා පරස්පර ප්‍රකශ සිදුකිරීම තුළ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා ගොස් සිටියේ රෝගයකට ප්‍රතිකාර ගැනීමටද, නැතහොත් සාමාන්‍ය විනෝද චාරිකාවකටද යන්න පිළිබදවත් සැක මතුවුණා.

එමෙන්ම ප්‍රහාරය පිළිබද ඊට පෙර අප්‍රේල් 04 වනදා මෙරට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාට ලද තොරතුර පිළිබද ප්‍රහාරය වනතෙක් තමන් නොදැන සිටි බව හිටපු ජනපති සිරිසේන දිගින් දිගටම පැවසුවද, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ප්‍රහාරය වූ දිනයේ උදෑසන 7.59ටත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සිංගප්පුරුවේ සිටි හිටපු ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති බව ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වුණා.

එම කරුණු මත පදනම්ව නිශ්චිත නිගමනයකට පැමිණි ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ දක්වා තිබුනේ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ලද පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැන සිට ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...