25 C
Colombo
Friday, March 29, 2024

මම මමමයි, මැරෙනකල් වෙනස් වෙන්නෙ නෑ..! – රන්ජන්

- Advertisement -

බන්ධනාගාරගතව සිට නිදහස් වීමෙන් අනතුරුව තමා වෙනස් වේ දැයි ඇතැමුන් විමසන නමුත් තමා තමාම බවත් තමා කිසිවෙකුට බිය නොමැති බවත්, පක්ෂ මාරු කිරීමකට හෝ කඩේ යාමකට සූදානම් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.

ඒ, අද (26) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කෙසේ නමුත්, අදහස් දැක්වීම සම්බන්ධව තමාට යම් වාරණයක් පනවා ඇති නිසා තමා ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වීමෙන් වලකින බවයි ඔහු පවසන්නේ.

තමාට ලැබී ඇති අර්ධ නිදහස හෝ ලබාදීමට උපකාර කළ පිරිසට තමා ස්තූතිවන්ත වන බවත් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ අතර නැවත සබඳතාවක් ඇති කිරීමට හැකි නම් තමා ඒ කටයුත්ත සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම තමන්ට කිසියම් ගෝලීය තානාපති තනතුරක් භාරගන්නා ලෙසට අමාත්‍ය මනූෂ නානයක්කාරගෙන් ඇරයුමක් ලද බවත් තවමත් ඒ සම්බන්ධව තීරණයක් ගෙන නොමැති බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත්, අවසානයේදී තමා සිරගතව සිටියදී ආහාර රැගෙන ආ පිරිසට ස්තූතිවන්ත වෙමින් ” හිරකාරයෙක්ට කෑමපාර්සලයක් කියන්නෙ නිධානයක්” යැයි ඔහු පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...