29.1 C
Colombo
Thursday, April 25, 2024

රටට අවාසිදායක ගිවිසුමකට මම අත්සන් කරන්නේ නැහැ – ඇමති ගම්මන්පිල

- Advertisement -

මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීම සම්බන්ධයෙන් රටට අවාසිදායක ගිවිසුම්වලට බලශක්ති අමාත්‍යවරයා ලෙස තමන් අත්සන් නොකරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

බලශක්ති අමාත්‍යාංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් ජාත්‍යාන්තර ගිවිසුම් දිනකින් දෙකකින් අත්සන් තබන අතර ඒවායෙන් රටට වෙන අහිතකර බලපෑම් පිළිබද අවධානය යොමු නොකෙරෙන බවයි.

එසේම ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ තමන් ඇතුළු බලශක්ති අමාත්‍යාංශය කැනීම් සිදුකිරීමට වැඩපිළිවෙළක් අරඹා ඇති අවස්ථාවක මෙලෙස මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීම වසර 5ක කාලයකට අමෙරිකානු සමාගමකට ලබාදීම තුළ මෙරට ගෑස් කැනීම් සදහා ආයෝජකයින් පැමිණීමට බාධා එල්ල වන බවද අමාත්‍යවරයා සදහන් කළා.

ප්‍රවෘත්ති සාකච්ඡාවේදි අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

” නිව් ෆෝට්ට්‍රස් එනර්ජි සමාගමට ගෑස් සැපයීම ආරම්භ වෙන්නේ 2023 ඉදලා වසර 05කට. 2023 ඉදලා 2028 දක්වා තමයි ඒ අය ගෑස් සපයන්නේ. අපි හිතනවා මේ අවුරුද්දේ අග අපි වෙන්සේදිය පැවැත්වුවහොත් එතන ඉදලා වසර 03කදි අපෙව් රටේ ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. ඒ කියන්නේ 2022 ඉදලා ගත්තොත් 2025 සිට අපිට ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. හැබැයි අපේ විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැනීමට විදේශික ආයෝජකයින් ගෙන්වා ගැනීමට බාධකයක් ලෙස බලශක්ති අමාත්‍යවරයා ලෙස මම දකිනවා. මේ පිළිබද සාකච්ඡා වෙච්ච සෑම අවස්ථාවකම අපේ අමාත්‍යාංශයට ඒක බලපාන ආකාරය ගැන අපි ලිඛිතව අමාත්‍ය මණ්ඩලයට දැනුම්දීලා තියෙනවා. අපිට ප්‍රශ්නය තියෙන්නේ යුගදනවි බලාගාරයේ 40% කොටස් නිව් ෆෝට්ට්‍රස් සමාගමට දීම නෙමේයි. ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය 2023 සිට වසර 05කට අමෙරිකානු සමාගමකට හිමිවීම. ඒ වගේම ටෙන්ඩරයක් ක්‍රියාත්මක වෙමින් තිබෙද්දි අපිට ප්‍රශ්නයක් තියෙනවා ගෑස් විෂය පිළිබද දන්න අය ඉන්නේ අපේ අමාත්‍යාංශයේ නමුත් ඔය ගිවිසුම්වලට එළඹීම සම්බන්ධයෙන් වූ කිසිදු කමිටුවක අපේ අමාත්‍යාංශ නියෝජිතයෝ හිටියේ නැහැ. අපි අමාත්‍යාංශය හැටියට මේ පිළිබද විශය දන්න අය හැටියට අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ දෙකක් ලබාදීලා තියෙනවා. තව නිරීක්ෂණයක් ලබාදෙන්න මං බලාපොරොත්තු වෙනවා. “

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...