33 C
Colombo
Friday, March 29, 2024

ජනපතිගේ ආරාධනයෙන් මම මහබැංකු නව අධිපති වෙනවා – කබ්රාල්

- Advertisement -

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සඅමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ සතිය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ‘මහ බැංකු අධිපති’ තනතුර භාර ගන්නා බවට පැවසූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

“මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් සහ රාජ්‍ය ඇමති තනතුරෙන් ඉවත් වී පක්ෂ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු එහිදී පවසා ඇත.

ආර්ථිකය ඉතා අර්බුදකාරී කාල පරිච්ඡේදයක් තුළ පවතින හෙයින් මහ බැංකු අධිපති ධූරය භාර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මට ආරාධනා කළ නිසා මම එය පිළිගත්තා යැයි කබ්රාල් මහතා ඩේලි මිරර් වෙත පවසා ඇත.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට පෙර පාර්ලිමේන්තුවේදී සමුගැනීමේ දේශනයක් කරන බවත් ආර්ථික, මුදල්, විදේශීය ආයෝඡන, බැංකු හා ආනයන – අපනයන හා කාර්මික ගැටලු විසඳීම සඳහා පූර්ණ කැපවීමක් කිරීමට වැඩි කාලයක් හා අවස්ථාවක් මෙයින් ලැබෙන බවත් ඔහු පවසයි.

තමා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු තනතුර සඳහා සුදුස්සෙකු නම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුට අවස්ථාව ලබා දුන් නමුත් ඔහු එය ප්රතික්ෂේප කළ බව කබ්‍රාල් මහතා පවසනවා. එමෙන්ම, වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සිය ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ලෝක බැංකුවේ තනතුරක් ලබා ගනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.


RECENT ARTICLES - SINHALA

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූනි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...