2025 ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන එළි දක්වා තිබෙනවා.
කණ්ඩායම් 8ක් එක්වන තරගාවලියේ මූලික වටයේ තරඟ පැවැත්වෙන්නේ, A සහ B ලෙස කාණ්ඩ 2කින්.
තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 19 වැනදා පකිස්ථානයේ කරච්චිහිදී ආරම්භ වනවා.
මාර්තු පළමු වැනිදා අවසන් පූර්ව වටයේ තරඟ ආරම්භ වන අතර අවසන් මහා තරගය මාර්තු 9 වැනි දා ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතයි.
කෙසේ නමුත්, මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන තරඟ සියල්ලම ඩුබායිහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව, ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද ඩුබායිහිදී පැවැත්වෙනවා.
2024 වසරේ සිට 2027 වසර දක්වා ඉන්දියාව සහ පකිස්ථානය අතර කිසිදු ICC තරගයක් අදාළ රටවල් දෙකේදී නොපවත්වන බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගියදා නිවේදනය කළා.