දිනය පුරා ගෑස් පෝලිම්වල දුක්විදින සාමාන්‍ය ජනතාව දෙස දේශපාලකයන්ද නොබලන අවස්ථාවක නවගමුව පොලීස්යේ ස්ථානාධිපතිවරයා අපූරු ක්‍රියාවක් සිදුකර තිබෙනවා.
ඒ් නවගමුව ප්‍රදේශයේ පිහිටි ගෑස් බෙදාහැරීමේ අංගනයක් ඉදිරියේ ගෑස් ලබාගැනීමට ගිනි අවුවේ රැස්වී සිටි පිරිසකට අයිස් පලම් හා ජලය ලබාදීමට කටයුතු කිරීමයි.
සිය පෞද්ගලික වියදමින් නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවිත් ලක්ශ්මන් ද සිල්වා මහතා සිදුකල මෙම සද්ක්‍රියාව පිළිබදව පෝලිමේ රැදී සිටි සියලුම දෙනා ප්‍රශංසා කරනු ලැබූවා.
පොලීසියට දිනපතා චෝදනා එල්ලවන පරිසරයක පොලිස් දෙපාර්තමේන්තුව තුළ මෙවන් නිලධාරීන්ද කලාතුරකින් දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් අද (20) බද්දේගම නගරයේ ගෑස් නොමැතිවීමෙන් ප්‍රකෝපවූ ජනතාව බද්දේගම හික්කඩුව මාර්ගය අවහිරකරමින් ගෑස් තබාගෙන විරෝධතාවයේ නිරත වුණා.
මෙහිදී එහි තත්ත්වය පිළිබදව සමාජ මාධ්‍ය දැනුවත් කළ සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජික කණිෂ්ක ලැනරෝල් මහතාට බද්දේගම පොලිස් ස්ථානාධිපතිවරයා බාධා එල්ල කළා.
ඊට අදාළ දර්ශන පහතින්,