25 C
Colombo
Saturday, February 15, 2025

“අයිස් ක්‍රීම්” ළඟදීම සිනමා ශාලා වෙත

- Advertisement -

ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාසගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “අයිස්ක්‍රීම්” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා (21) එළිදැක්වුණා.

හේමාල් රණසිංහ, සරත් කොතලාවල, අයිෂාරා අතුකෝරල, රුක්මාල් නිරෝෂ්, බිමල් ජයකොඩි, ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, වීණා ජයකොඩි, චමිලා පීරිස්, රොෂාන් රණවන, ඩී.බී. ගංගොඩතැන්න, මඳුශාන් නානායක්කාර, චින්තක වාස්, දයා තෙන්නකෝන් ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

රංගන ශිල්පී කලණ ගුණසේකරගේ පිටපතකට අනුව නිර්මාණය කරන ලද “අයිස් ක්‍රීම්” හි කැමරා අධ්‍යක්ෂණය චින්තක සෝමකිර්ති විසින් සිදු කරන ලද අතර එහි සංස්කරණය රුක්මාල් නිරෝෂන් විසින් නිම කරනු ලැබුවා.

එමෙන්ම, වර්ණ සංයෝජනයෙන් දිනිදු ජාගොඩත්  වේශ නිරූපණයෙන් නාරද තොටගමුවත් දායක වී තිබෙනවා.

සිනමා පටයේ  නර්තන වින්‍යාසය එස්. ක්‍රිෂ්ණකාන්තන් විසිනුත් සටන් අධ්‍යක්ෂණය සමන් ඕෂධ බණ්ඩාර විසිනුත් නිම කෙරුණා.

සංගීත අධ්‍යක්ෂණය කසුන් කල්හාර, ගී පද රචනය මංජුල වෙඩිවර්ධන සහ ගායනය කුෂානි සඳරේඛා සහ කසුන් කල්හාර විසිනි.

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ළඟදීම “අයිස්ක්‍රීම්” චිත්‍රපටය සිනමා හල්වලදී නැරඹීමට අවස්ථාව හිමි වෙනු ඇති.

“අයිස්ක්‍රීම්” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතැනින් නරඹන්න,

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...