30.5 C
Colombo
Wednesday, April 24, 2024

සසුනට දරුවන් පූජාකළොත් ආණ්ඩුවෙන් දෙමාපියන්ට විශ්‍රාම වැටුපක්

- Advertisement -

සම්බුදු සසුනට තම දරුවන් පූජා කරන භික්ෂූණ් වහන්සේලාගේ හා සිල්මාතාවන්ගේ අවුරුදු 25-59 අතර දෙමාපියන්ගේ සැඳෑසමයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් “බුදුපුත් මාපිය හරසර” සහ “බුදුපුත් හරසර පූජා” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැත්වුණා.

ඒ අනුව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හදරාගම මහත්වරු අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණා.

සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ප්‍රතිලාභ ගෙවන මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අනුව දායක පින්වතුන්ගේ හා විවිධ දානපතීන්ගේ අවශ්‍යතාව මත අවුරුදු 60 ඉක්මවූ පසු ලැබෙන පරිදි ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාම වැටුපක් සකස් කිරීමට හැකිවීම විශේෂත්වයක්.

එහෙන්ම රටපුරා සියලුම විහාරස්ථානවල වැසිකිළි කැසිකිළි පහසුකම් පිළිබඳව ද සොයා බලා එම පහසුකම් නිසියාකාරව සම්පූර්ණ වී නොමැති විහාරස්ථාන වෙනුවෙන් එම පහසුකම් නිසි ලෙස සම්පූර්ණ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සිය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

Fox Hill ධාවකයින් දෙදෙනාට ඇප

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන්ව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

විජේදාසට හා මිත්‍රපාලට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. එසේම පක්ෂයේ ප්‍රධාන...

මරුවාට අතවනන කළබලේ විවෘත කළ කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් දිවෙන නව ගුවන් පාලම, මාර්ගයට සම්බන්ධ කරන කොටසේ ඉදි කිරීම් තවමත් අසම්පූර්ණ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...