25 C
Colombo
Tuesday, January 21, 2025

මැතිවරණ ප්‍රචාරණයට දරුවන් යොදාගත්තොත් වැඩවරදී

- Advertisement -

දරුවන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධව වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබෙනවා.

ඒ පිළිබඳව “සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරය අද (11) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

“සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ප්‍රියන්ත හේරත් මහතා කියා සිටියේ,

“කැන්වසින්වලට ළමයි පාවිච්චි කරනවා. ඇඩ්වලට කුඩා දරුවෝ පාවිච්චි කරනවා. දරුවන්ව දේශපාලන කටයුතුවලට යොදා ගන්න බෑ. ජාතික ළමා රක්ෂණ අධිකාරියට පැමිණිලි කළා. කිසිම පියවරක් අරගෙන නෑ. ඒ් නිසා අපි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරා. මේ සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස.”

මේ අතර දරුවන් මැතිවරණ කටයුතු සඳහා එක්කර නොගන්නා ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,

“කරුණාකරලා, පරමාධිපත්‍ය බලය සහ ජනතාවගේ ඡන්දය වෙළෙඳ භාණ්ඩයක් කරගන්නේ නැතුව අනාගත පරම්පරාව, වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගේ වගකීමක් තියෙනවා. ඒ වගේම මේවා දිහා බලාගෙන ඉන්න ඡන්දදායකයින්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ ඡන්දය මොන ආකාරයෙන් ද පාවිච්චි කරන්නේ කියලා හිතන්න. ළමා ආරක්ෂණ අධිකාරියේ වගකීමක් මැදිහත් වෙලා ඒවා බලන එක. ඒක අමුතුවෙන් මැතිවරණ කොමිසමෙන් මතක් කළ යුතු දෙයක් නෙමෙයි.”

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...