24 C
Colombo
Tuesday, October 15, 2024

මෙහෙම ගියොත් තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ – උපුල් රෝහණ

- Advertisement -

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙනුවට වැඩි වැඩියෙන් ආදාහනාගාර ඉදිකිරීමට සිදුවන බව හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු සදහන් කළේ රෝහල් තුළ දැරිය හැකි ධාරිතාවයට වඩා මේ වන විට රෝගීන් වාර්තාවීමේ සීඝ්‍රතාවය හේතුවෙන් මේ තත්ත්වය සෞඛ්‍ය අංශ වෙත පාලනය කිරීම සිදුකල නොහැකි බවයි.

දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සිදුවන බවත් ඒ අනුව ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹායාම හා ඔවුන් හඳුනාගැනිමේ කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇති බවත් උපුල් රෝහණ මහතා සදහන් කරනවා.

මේ වන විට ගම්පහ ඇතුළු ඇතැම් දිස්ත්‍රික්කවල දෛනිකව ආසාදිතයින් 1,000 ඉක්මවා වාර්තා වන බව පැවසූ ඒ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික ආසාදිත වාර්තා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රාදේශීය වශයෙන් ලබාදෙන දත්ත අතර පරස්පරතාවයක් පවතින බවද මෙම වැඩසටහනේදී පවසා සිටියා.

“කියන්නේ නෑ රජයේ දත්ත බොරු කියලා. නමුත් දත්ත පිළිබඳ ගැටලුවක් තියෙනවා. තියෙන ධාරිතාවයට වාර්තාවන රෝගීන් ප්‍රමාණය එක්ක අපිට දැන් පාලනය කරන්න අමාරුයි. අපි දැනට කරන්නේ ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීම. ආශ්‍රිතයින් සියලුදෙනා සොයා යෑමේ අවස්ථාවක් නෑ මේ වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව සමඟ. අහඹු පීසීආර් පරීක්ෂණ ඇතැම් විට සිදුකරනවා මහ මඟ 100ක් ගත්විට එයින් 19දෙනෙක් වාර්තා වුණා.”

“ඊයේ දින සන්ධ්‍යාවේ මට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් දුරකථන ඇමතුමක් දීලා ඔහුගේ දුක කිව්වා. රෑ එළිවෙනකල් දැන් මෘත දේහ දහනය කරනවා. ඊයේ ඒ වෙනකොට 22ක් කොවිඩ් -19 යැයි සැක සහිත මෘත දේහ දහනය කරලා තියෙනවා. වාද්දුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙකුගේ ඥාතියෙකුගේ මෘත දේහයක් ආදාහනය කර ගැනීමට මමත් කතා කරා. ඒ වෙනවිටත් ඔහුට මෘත දේහ පොරොත්තු ලේඛනයක් තියෙනවා ආදාහනය කිරීම සඳහා. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන ගියොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවත් හදලා වැඩක් නෑ. තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ කියන එක පැහැදිලියි.”

RECENT ARTICLES - SINHALA

අයහපත් කාලගුණයෙන් ලක්ෂ එකහමාරක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් එක්ලක්ෂ පනස් අටදහස් තුන්සිය අනූඑක් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක...

දකුණු පළාතෙත් පාසල් කිහිපයක් හෙට වසා දැමේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කර තිබෙන බව...

පාස්කු ප්‍රහාරයේ වාර්තා ප්‍රසිද්ධ කිරීමට ගම්මන්පිළ සූදානම්

පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...