23 C
Colombo
Friday, February 14, 2025

මහින්දට ඉන්න ගෙයක් නැති උනොත් මගේ ගෙදර හරි දෙනවා – අරගලයේ නියමුවෝ

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දූෂණයට විරුද්ධව අරගල කළත්, ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් අකමැති බව අරගලයේ නියමුවෝ සංවිධානය කැඳවුම්කරු ප්‍රදීප් චාර්ල්ස් පවසනවා.

ඔහු පවසන්නේ, තමන් ගාලු මුවදොර පිටියේ ද කඳවුරු ගසා රාජපක්ෂ දූෂණයට විරුද්ධව සිටි නමුත්, රටේ යුද්ධය නැවැත්වූ නායකයාව කුණු බාල්දියට දමා ආරක්ෂා නැති කොට මහ පාරේ දිවි පිදීමට ඉඩ නොතබන බවයි.

ජාතික ජන බලවේග ආණ්ඩුවට ඡන්දය ලබා දී රැවටුනාදැයි යන්න ජනතාව කලකිරීමෙන් සිටින බවත් රටේ ප්‍රශ්න හිටපු ජනාධිපතිවරයාගේ කරමත දමා රට තුළ ඇති වී තිබෙන ප්‍රධාන ගැටලු එමගින් වසන් නොකරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අරගලයේ නියමුවෝ සංවිධානය කැඳවුම්කරු :

“දැන් ජනතාවට දුන්න පොරොන්දු ටික ඉෂ්ට කරන්න මේ ආණ්ඩුවට පුළුවන්ද නැද්ද කියන එක අද ජනතාවට තේරිලා තියෙනවා. අපි එදා ගාලු මුවදොරපිටියේ කඳවුරු ගාලා ගෝඨාගෝ හෝම් කියලා බෝඩ් අල්ලන් අපි පාරේ හිටියේ රාජපක්ෂ දූෂණයට විරුද්ධව.. නමුත් අපි කැමති නෑ අපේ රටේ යුද්ධය නවත්වපු නායකයාව කුණු බාල්දියට දාලා එතුමාගේ ආරක්ෂාව නැති කරලා එතුමාට මේ මහ පාරේ ජීවිතේ පුදන්න තියන්න අපි කැමති නැහැ

මේ ආණ්ඩුවට චන්දෙ දීලා ජනතාව රැවටුනාද කියන කලකිරීමෙන් තමයි මේ මොහොත වෙනකොට ජනතාව පත් වෙලා තියෙන්නේ. එකට ප්‍රධාන හේතුව තමයි මේ රටේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය ඇවිල්ලා කුසගින්න. මේ රටේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය තමයි ගොවියා බිම දෙවියා කියන මේ රටේ රටේ මිනිස්සුන්ට හාල් ටිකක් නෑ පොල් ටිකක් නෑ දැන් ලුණු ටිකත් පිටරටින් ආනයනය කරන තත්වයට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. එහෙම මොහොතක මහින්ද මහත්තයාගේ පිටිපස්සෙන් එලව එලව රට වටේට ගිහිල්ල කෙඳිරි ගාන කන්දොස්කිරියාව දානවා ජනාධිපතිතුමා. විශේෂයෙන්ම අපි මතක් කරනවා ජනාධිපතිතුමාට මේක කන්දොස්කිරියාව දදා රට වටේ යන කාලයක් නෙවෙයි. ඒක නිසා විශේෂයෙන්ම අපි මතක් කරනවා මහින්ද මහත්තයාගේ විජේරාම නිවස අනුමත කරන සභාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එවකට අනුර කුමාර දිසානායක සභාවේ හිටියද නැද්ද කියන ඇත්ත කරුණාකරලා හෙළි කරන්න. රට වටේට ගිහිල්ලා ඇස් දෙක ලොකු කරගෙන කට උලුප්පගෙන මහින්ද මහත්තයා මහින්ද මහත්තයා කියන එක මතුර මතුර මහින්ද මහත්තයාගේ පිට දාලා රටේ ප්‍රශ්න වහන්න හදනවා නම් මේකට අපි කිසිම එකඟතාවයක් නෑ.

එනිසා අපි විශේෂයෙන් කියනවා අනුර කුමාර දිසානායක විපක්ෂයේ ඉන්න කාලයේ මේ රටේ ජනතාවට වේදිකාවල් වල උඩට ගිහිල්ල කියපු බොරුටික ඔන්න පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වෙලා තියෙනවා. අනුර කුමාර දිසානායකට පුළුවන් ඔය රට වටේ ගිහිල්ලා ළිඳ ලඟ සංගමය මගේ පච කෙලින මොහොතේ කරුණාකරලා අර පරණ වීඩියෝ ටික බලන්න මම මේ මේ දේවල් රටේ ජනතාවට දුන්න පොරොන්දු ටික මොකක්ද කියල.

ඊට පස්සේ මහින්ද මහත්තයාගේ නම පතුරන්න. මහින්ද රාජපක්ෂමහින්ද රාජපක්ෂ කියන ඒ පුද්ගලයාගේ පිට මේ රටේ ප්‍රශ්න ටික යටපත් කරලා මහින්ද රාජපක්ෂගේ පිටට කරදාලා කරුණාකරලා මේ රටේ ප්‍රධාන ප්‍රශ්නවලින් වසන් වෙන්න හදන්න එපා. ඒ කාලේ යුද්ධයට කෙලින්ම යුද්ධය නවත්තනවා කියලා රට බාරගන්නකොට රටේ ජනාධිපතිවරණයට තරඟ කරනකොට යුද්ධය නවත්වනවා කියන පොරොන්දුව මත තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ රට භාර අරගෙන ජනතාවට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කළේ ,

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...