24 C
Colombo
Sunday, January 19, 2025

මනූෂගේ මල්ලිට අහුවුණා නම් CIDයට එන්න – පොලීසිය

- Advertisement -

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා පවසනවා.  

ඔහු පවසන්නේ, තිසර නානායක්කාර මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් විටෙන් විට බැරවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් හෙළිකරගෙන ඇති තොරතුරුවලට අනුව අවස්ථා 28කදී  මෙම මුදල් බැරවී තිබෙනවා.

මෙලෙස එම ගිණුමට මුදල් බැර කර ඇත්තේ විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටි පුද්ගලයන් විය යැකි බවත් එසේ මෙම සැකකරුට මුදල් දී වංචාවන්ට හසු වී සිටින අය වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක්  වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 28 වැනිදා අත්අඩංගුවට ගෙන ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES