27.8 C
Colombo
Thursday, April 25, 2024

මහින්ද මහත්තයාට අතක් තිබ්බා නම් වෙඩි තියනවා 50 ක් 100 ක් මැරෙන්න – සනත් නිශාන්ත

- Advertisement -

පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් ප්‍රහාරය අතරතුරදී අරලියගහ මන්දිරයට පැමිණ අරගලකරුවන් මහින්ද රාජපක්ෂ මහතාට හිරිහැර කළේ නම් පුද්ගලයින් 50 ක් 100 ක් තමන් ඝාතනය කරන බව කුප්‍රකට දේශපාලඥයෙක් වන ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ තමන් සතුව ලියාපදිංචි පිස්තෝල දෙකක් සහ පතරොම් රැසක් පවතින බවයි.

තමන් කිසිවෙකුගේ නියෝග නොතකන බවත් තමන්ට අතක් තැබීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොදෙන බවත් සනත් නිශාන්ත මහතා පවසනවා.

දොරේ සද්දය සහ අහවල් එකේ සද්දය තමන්ට වෙන් කර හදුනාගත හැකි බවත් අරගල සිදුකර රට බලහත්කාරයෙන් අල්ලාගැනීමට පැමිණෙන පුද්ගලයන් හට සැලකිය යුතු ආකාරයද තමන් දන්නා බවත් සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...