27 C
Colombo
Saturday, June 10, 2023

අවශ්‍යනම් 3වන මාත්‍රාවත් දෙන්න – ජනපතිගෙන් උපදෙස්

- Advertisement -

කොරෝනා මර්දන එන්නත්වල තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමුව ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් කොවිඩ් කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදීද සාකච්ඡා කෙරුණු බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

අවශ්‍ය නම් තුන්වන මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සළසන ලෙසත් ඇතැම් රටවල් දැණටමත් එය අරඹා ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

එමෙන්ම, එන්නතේ ප්‍රතිශක්තිය අඩුවීමක් සිදුවන්නේ නම්, වාර්ෂිකව කොරෝනා මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී අවධානය යොමුවනු ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

මේ අතර එන්නත්කරණය ඇරඹීමට රජය ප්‍රමාද වූ බවට විපක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ ශ්‍රී ලංකාව එන්නත් නිපදවන රටක් නොවන බැවින් එන්නත් සඳහා ඇති අධික ඉල්ලුම අභියස ප්‍රමාදයන් සිදුවිය හැකි නමුත් මෙරට එන්නත්කරණය නිසි කලට අරඹා සාර්ථකව සිදු වෙරෙමින් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.