32 C
Colombo
Thursday, March 28, 2024

දීමනාව අවශ්‍ය නම් ගුරුවරුන්ට වගකීම් 15ක්

- Advertisement -

රුපියල් පන්දහසේ දිරි දීමනාව ලබා ගැනීමට නම් ගුරුවරුන් විසින් ඉටු කළ යුතු වගකීම් 15ක් ඇතුළත් නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඔන්ලයින් ක්‍රමයට හෝ වෙනත් ආකාරයකට සිසුන්ට ඉගැන්වීම, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයැදුම්පත් යොමු කිරීමට අදාළ කටයුතු සිදු කිරීම, පාසල්වල ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘති සඳහා සක්‍රීය දායකත්වය ලබා දීම, රාජකාරි අවශ්‍යතා මත පවත්වන රැස්වීම්වලට සහභාගි වීම, නව ජාතික පාසල් ව්‍යාපෘතිය හා සම්බන්ධ කටයුතු සිදු කිරීම, ළමා මිතුරු පාසල් හා එන්නත්කරණ යන වැඩසටහන් වෙනුවෙන් සහයෝගය දීම, පෙළපොත් බෙදා හැරීමේ කටයුතු වලට සහය දීම ඇතුළු වගකීම් 15ක් සම්බන්ධයෙන් එහි කරුණු දැක්වෙනවා.

මෙහිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරුන්ගේ රාජකාරී සම්බන්ධයෙන් සෑහීමකට පත් වන්නේ නම් පමණක් අදාල දීමනාව පාසලට ලබා දීමට කටයුතු කෙරෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව, දිරිදීමනාව සඳහා හිමිකම් ලබන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට අදාල ගෙවීම් කිරීමේ බලය පවරා ඇත්තේ කලාප අධ්‍යක්ෂවරුන්ටයි.

RECENT ARTICLES - SINHALA

කාන්තාවකට පහරදී රන් භාණ්ඩ සොරාගෙන

හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ...

උද්ධමනය පහළට

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 මාර්තු මාසයේ පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ජන ලේඛන...

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ආයෙත් අපි හදනවා – ප්‍රසන්න

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා. මේ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...