29.1 C
Colombo
Thursday, April 25, 2024

බලාපොරොත්තු වූ වෙනස අපෙන් වුනේ නැත්නම් අලුත් බලවේගයක් බලයට ගේන්න – ජනපති

- Advertisement -

තමන්, තම අමාත්‍ය මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායමෙන් ජනතාව බලාපොරොත්තු වන වගකීම් ඉටු නොවන්නේ නම් යළි පැරණි කණ්ඩායම් බලයට පත් නොකර අලුත් බලවේග සොයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අරලියගම මන්දිරයේදී අද (10) පැවති ජාතික විද්‍යා දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පලකළා.

රටක විපක්ෂයක් කළ යුත්තේ ආණ්ඩු පක්ෂය ගෙන යන සියලුම ව්‍යාපෘතීන් විවේචනය කිරීම නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

විරුද්ධ පක්ෂය තමන්ගේ වගකීම් හඳුනාගෙන කටයුතු කල යුතු බවත් රට වෙනුවෙන් ආණ්ඩුව සමග ක්‍රියාත්මක වන විපක්ෂයක් තමන් බලාපොරත්තු වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

රට නව සාමාන්‍යකරණය යටතේ විවර වූ අවස්ථාවේ සිට ගෙන යන උද්ඝෝෂණ හරහා තවත් කොවිඩ් රැල්ලක් ඇති විය හැකි බව පෙන්වා දෙන ජනාධිපතිවරයා සදහන් කළේ එසේ වුවහොත් යළි රට වසා දැමීමට සිදුවන බවයි.

මේ අතර , ආරක්ෂක අංශ වලට මෙන්ම විදේශයන්හි අධ්‍යාපනය හදාරන සිසුන්ට ද මෙරට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පල කළා.

එහිදී ඔහු සදහන් කළේ කොතලාවල විශ්වවිද්‍යාලය වැනි ආයතන අධ්‍යාපන කඩයක් හෝ වෙළඳාමක් කිරීමට නොව ඒවා තවත් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.

ඒ සඳහා අවශ්‍ය නීති රීති සංශෝධනය කර හෝ අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...