29.1 C
Colombo
Thursday, April 25, 2024

කාර්‍යාලයේ වියදම් වැඩි නම් ප්‍රධානියාගේ පුද්ගලික මුදලින් අයකෙරේ

- Advertisement -

රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් එම වියදම් පෞද්ගලිකව දැරිය යුතු බව ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, “රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ විධිවිධාන සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් ඉටුකළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි.

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

උපුටා ගැනීම –

“රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022-04-26 දිනැතිව යොමු කර ඇති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළයුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද (15) දින ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම දැනුම් දීම සිදුකර තිබේ.

ඒ අනුව, ඉහත චක්‍රලේඛ විධිවිධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත්, එයට පරිභාහිරව සිදුකරනු ලබන රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳි සිටිය යුතු බවත් ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

-උපුටා ගැනීම අවසන් –

පවතින ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් රජයේ වියදම් සීමා කරන ලෙසට දැනුම් දෙමින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.

වියදම් සීමාකිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය මඟින් ලබා දී ඇති එම උපදෙස් දැඩිව අනුගමනය කරන ලෙස රජය අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.

මෙහිදී රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම්වලට එළඹීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර තිබේ.

එමෙන්ම රජයේ අවශ්‍යතා සඳහා වාහන ලබාගැනීමේදී දැනට පවතින ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතු බව ද සඳහන්ය.

එමෙන්ම කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසටත් විද්‍යුත් සන්නිවේදන මෙවලම් මඟින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් මෙහිදී දැනුම් දී තිබේ.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...