ලේකම්වරුන්ගේ අර්බුද පවතින දේශපාලන පක්ෂවලට ඉදිරි ජනාධිපතිවරණයේදී නාම යෝජනා ඉදිරිපත් කිරීමෙ අවස්ථාව නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ, පක්ෂ කිහිපයක ලේකම් තනතුරුවල අර්බුද පවතින බවයි.
එම පක්ෂ නියෝජිතයන් ඉදිරි දිනවල මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ලේකම් වශයෙන් පිළිගන්නේ කවුදැයි විමසීමක් කරන බවද ඔහු සඳහන් කළා.
ලේකම් අර්බුද විසඳාගැනීමට ඔවුන් සූදානම් නැතිනම් ඉදිරි ජනාධිපතිවරණයේදී නාම යෝජනා ලබාදීමට අවස්ථාව නොදෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ලබන 15 වැනිදා උදේ 9.00 සිට 11.00 දක්වා සිදු කරනු ලබනවා.