32 C
Colombo
Saturday, April 20, 2024

අලි ඇතුන් ගැන දුන් තීන්දුව අතෘප්තිකර නම් ඉහළ අධිකරණයකට යන්න – කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා

- Advertisement -

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටි අලි ඇතුන් 14 දෙනෙකු ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත යළි මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් මහතා පසුගියදා නියෝගයක් නිකුත් කළා.

ඒ වනජීවී දෙපාර්තමේන්තුවේ තිබූ අලින් ලියාපදිංචි කිරීමේ පොත කූඨ ලෙස වෙනස් කර බලපත්‍ර නොමැති අලීන් සන්තකයේ තබාගත් සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2016 වසරේදි පවරන ලද නඩුවකට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.

අදාළ නියෝගය නීතිය වැරදි ලෙස වටහා ගනිමින් දුන් දෝෂ සහගත නියෝගයක් සේ සලකා එය ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නීතිඥවරු දෙදෙනෙකු හා පරිසර සංවිධාන විසින් එම නියෝගය ආපසු කැඳවන ලෙස මෝසමක් මාර්ගයෙන් සිදුකර තිබූ ඉල්ලීමක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් මහතා අද (16) ප්‍රතික්ෂේප කළා.

මේ සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත්කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, අදාළ අලි ඇතුන් 14 දෙනා ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස දන්වමින් තමන් විසින් ඉකුත් 6වන දා ප්‍රකාශයට පත් කෙරුණු නියෝගය තවදුරටත් බලාත්මක වන බවයි.

අතිරේක මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යාම සිදුනොකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දීමෙන් අනතුරුව තමන් මෙම නියෝගය කළ බවයි.

තමාගේ මෙම තීන්දුව සම්බන්ධයෙන් කිසියම් පාර්ශ්වයක් අතෘප්තියට පත් වන්නේ නම් ඉහළ අධිකරණයකට අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවද බවද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් මහතා පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන නිවේදනයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන්...

නැවෙන් එන සංචාරකයින්ට ඔන්ලයින් වීසා

නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.   එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...