තමන්ට මරණ තර්ජන ඇත්නම් පරිස්සම් වීමට තමන් දැනගත යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඊයේ (29) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා :
“තමන්ට මරණ තර්ජන තියෙනවා කියන අයනෙ ඔය හුඟ දෙනෙක්ම මැරිලා තියෙන්නේ. මොනවා හරි ආරවුලකට මැදිවෙච්චි අය. ඒ අය දැන ගන්න ඕන, තමන් පරිස්සම් වෙන්න. ආයුධ තියන් ඉන්න නෙමෙයි. ලංකාවෙන් ගිහිල්ලා හරි නැත්නම් ගෙදරට වෙලා ඉන්න හරි පුළුවන් නෙ”