27 C
Colombo
Saturday, April 20, 2024

විසඳුම් නැත්නම් පාසල් විවෘත කිරීම ගැන තීරනයක් ගන්නවා

- Advertisement -

අද දිනට ගුරු – විදුහල්පති වැටුප් අරගලය ආරම්භ කර දින 89ක් වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

අද (08) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, ඔක්තෝබර් 21 වන දා පාසල් ආරම්භ කිරීමට පෙර ඒ සඳහා විසඳුමක් අවශ්‍ය බවයි.

නිසි විසඳුම් ලබා නොදුන්නහොත් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව‍යි ජෝසෆ් ස්ටාලින් අවධරණය කර සිටින්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ, වහාම මේ ක්‍රියාවලිය සිදුකිරීමට පෙර සියලු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර, මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න කියන කාරණය. එහෙම නැත්නම් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපිට තීරණයක් ගන්න වෙනවා. මේ වෙනකොට ගුරුවරුන්ව විවිධ කාර්යයන් සඳහා පාසල්වලට කැඳවන්න යනවා. අපි අධ්‍යාපන ලේකම්වරයාටත් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ටත් අපි ලිඛිතව දැනුම්දුන්නා අද දිනයේ දී එවැනි කැඳවීම් සියල්ල අපි වර්ජනය කරනවා කියලා.”

RECENT ARTICLES - SINHALA

විදුලිබල මණ්ඩලයට වැඩිම හානියක් කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ – කංචන

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...