මේ මොහොතේ මහ මැතිවරණයක් පැවැතියහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන් පසුවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
සෞඛ්‍ය ප්‍රතිපත්තිය ආයතනය විසින් කළ සමීක්ෂණයෙන් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය පෙබරවාරි මසට අදාළ මත විමසුමකදී මේ බව හෙළිව තිබෙනවා.
අදාළ සමීක්ෂණයට අනුව ජාතික ජන බලවේගයේ 43%ක් ජනප්‍රසාදයක් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.
සමඟි ජන බලවේගයට සමීක්ෂණයෙන් ලැබී ඇත්තේ 30%ක ප්‍රතිශතයක් පමණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය 4% බැඟින් ජනතා කැමැත්ත ලබාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
