32 C
Colombo
Monday, March 17, 2025

ඡන්දයක් තිබ්බොත් අපි පරාදයි

- Advertisement -

වත්මන් කාලය තුල ඡන්දයක් පැවැත්වුවහොත් රජය ඉන් පරාජයට පත්වන බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ජනප්‍රිය තීන්දු නොගැනීම ඊට හේතුවන බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා ප්‍රථම කාබනික පොහොර තොගය නිකුත් කිරිමේ සමාරම්භක උත්සවයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.

කාබනික පොහොර භාවිතය උදෙසා ජනාධිපතිවරයා ගත් තීරණය මිනිසුන් විෂ ආඝාරයට ගැනීමෙන් මුදවා ගැනීමට ගත් තීන්දුවක් විනා ඡන්ද අපේක්ෂාවෙන් ගත් තීන්දුවක් නොවන බවත් එය මැතිවරණයකට ඉදිරිපත් වන කිසිම දේශපාලන නායකයෙක් නොගන්න ආකාරයේ තීන්දුවත් බවත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසනවා.

මෙවැනි තීරණයක් ගැනීමට හැකි නායකයන් සොයා ගැනීම අසීරු බවත් එහෙත් හදවතින් නිවැරදි කාර්යයක් කරන්නේ නම් මොනතරම් අවලාද නැගුනත් ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම එම ගමන යන බවත් ‍රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

එමෙන්ම, චීනයෙන් ආනයනය කිරීමට සූදානම්ව සිටි කාබනික පොහොර තොගය සම්බන්ධවද මෙහිදී ඔහු අදහස් දක්වා සිටියා.


RECENT ARTICLES - SINHALA

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම සිද්ධියේ...