මියගිය පසු සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව වාද කිරීමට වඩා තමන්ට ඇත්තේ මේ වෛරසයෙන් ජනතාව බේරාගැනීමට කළ යුත්තේ කුමක්ද යන ප්‍රශ්නය බව ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක නාපටවෙල ධම්මානන්ද හිමි පවසයි.
කොවිඩ් 19 වෛරසයෙන් මියයන ජනතාවගේ සිරුරු ආදාහනය සහ භූමිදානය සම්බන්ධයෙන් මතු වී ඇති සංවාදය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ද සඳහන් කළේය.
‘මට නම් ප්‍රශ්නය තියෙන්නේ, මැරුණට පස්සෙ මොකද කරන්නේ කියන එක නෙමෙයි. මම හිතන්නේ, මේ රෝගයෙන් මිනිස්සු මැරෙන්නේ නැතිවෙන්න මොකක්ද කරන්න පුළුවන් කියන එක. අපේ රටේ නීතියෙන්ම කියලා තියෙනවා, කිසිම කෙනකුට මැරෙන්න අයිතියක් නැහැ කියලා. ඒකනෙ සිය දිවි නසා ගන්න තැත් කිරීමත් දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් වෙන්නේ. එහෙව් එකේ කෙනෙක් තව කෙනකුව මැරීම ගැන මොන කතා ද? ඒක ඊටත් වඩා වැරැදියි නේ.
මම කියන්නේ, මේ වසංගතයට ගොදුරු වෙලා කෙනෙක් නිරපරාදේ මැරෙනවා නම්, ඒකට අපි හැම දෙනාම වගකිව යුතුයි කියලයි. කෙනෙක් මැරුණට පස්සේ එයාව පිච්චුවත්, වැළැලුවත්, ගඟට දැම්මත් ඒක මිය ගිය කෙනාට වැඩක් නැහැ. ඒක ඇත්ත. නමුත්, යම් කිසි කෙනකුට ආගමික සහ සංස්කෘතික මතිමතාන්තර තියෙන්න පුළුවන්. එහෙම තියෙන බව අපි දන්නවා. ඒවට අපි ගරු කරන්න ඔ්නෙ. ඒ හින්දා සෞඛ්‍යමය තදබල ගැටලුවක් නැහැ කියලා ලෝකයේ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂකයන් පිළිගන්නවා නම්, ඒ ගැන හිතන්න ඕනේ. අපි ලෝකයේ දකිනවා සමහර තැනක භූමදාන කටයුතු කරනවා. ඒ හින්දා ඒ ගැනත් හොයලා බලලා, සෞඛ්‍යමය ප්‍රශ්නයක් ස්ථිරවම නැත් නම් අවසන් කටයුතු කොහොම ද කරන්න ඕනේ කියලා ඒ ඒ අයට අවස්ථාවක් දීම මම හිතන්නේ මිනිස්සු හැටියට ගැටලුවක් ඇති කර ගත යුතු කාරණාවක් නෙමෙයි.’
සෞඛ්‍ය ප්‍රශ්නයක් නැත්නම් ආගමික,සංස්කෘතික මතවලට ගරු කරන්න ඕනෙ – නාපටවෙල ධම්මානන්ද හිමි

- Advertisement -
RECENT ARTICLES - SINHALA
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...
ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට
සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්
දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...
POPULAR ARTICLES
නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්
නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...
රන් මිල පහළට
පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා.
ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ,
රන් අවුන්සය - රු.597,449.00
කැරට්...