එන්නත්කරණයෙන් පසුත් කොවිඩ් තත්ත්වය මෙලෙසින්ම පැවතිය හොත් වෛද්‍ය විද්‍යානුකූලව ඊට මුහුණදෙන්නේ කෙසේද යන්න පිළිබඳව යතාර්ථවාදීව සොයා බැලිය යුතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඒ. ඊයේ (27) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි.
මේ වන විට පළමු මාත්‍රාව 100%ම ලබා දී ඇති බවත්, දෙවන මාත්‍රාව ද 56%ක පිරිසකට ලබා දී ඇති බවත් මේ මස අවසානයේදී එය 85%ක පමණ අගයක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පවසනවා.
ඉන් පසුවත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් වෛද්‍ය කමිටු හරහා ඒ සම්බන්ධයෙන් අධ්‍යනයක් කිරීමට සිදුවනු ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.
එමෙන්ම, එන්නත්කණයේදී ඊළඟට ප්‍රමුඛත්වය දිය යුත්තේ වයස අවුරුදු 30 න් පහළ පිරිසට පළමු හා දෙවන එන්නත් මාත්‍රා ලබා දීම සඳහා ද එසේ නැතිනම් අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින්ට ‘බූස්ටර්’ එන්නත ලබා දීම සඳහා ද යන්න සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
මෙම සාකච්ඡාවේදී එළැඹි අනෙකුත් වැදගත් තීරණ පහතින්
- එන්නත ලබාගැනීම සඳහා ජනතාව උනන්දුකරවීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු යුතුයි.
- එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකිවූ අයට දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථානයකදි එය ලබාගැනීමට අවස්ථාව දිය යුතුයි.
- වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන් ආසාදිතයන් වුවහොත් හැකි ඉක්මණින් රෝහල්ගත කළ යුතුයි.
- කොවිඩ් ආසාදිතයෙකු නොවන සහ නිවසේ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන පුද්ගලයෙකු මිය ගියහොත් දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත කළ යුතුයි
- ඇඳිරිනීති කාලසීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කෙරේ






