32 C
Colombo
Monday, March 17, 2025

ඉන්නවා නම් කට පරිස්සම් කරන් ඉන්න..! – චමල්ගෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

සියල්ලන්ම විනාශ වන්නේ කට ප්‍රවේශම් කර ගැනීමට නොහැකි වීමෙන් බව අමාත්‍යය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, යෝජිත අනුරාධපුර, තලාව තම්මැන්නාව පරිසර උයනේ ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“සාමාන්‍යයෙන් රජයක් ඇතුලේ රජයට විරුද්ධව යනවා නම් මොනවාද කරන්න ඕන එහෙම දෙයක් වෙන්න ඇති.
ඒ ගැන අපි කණගාටු වෙනවා. අපේ සහෝදරයෙක්, ඉස්සර ඉඳන්ම අපේ පාර්ලිමේන්තුවේ හිටියා අනූ ගණන්වල ඉඳන්, සාමාන්‍යයෙන් ඉතින් ඔ්ක තියෙන්නේ ඇතුලේ ඉන්න කොට කට පරිස්සම් කර ගන්න එක තමයි හොඳම දේ.

මේක ඇහුවාමත් මගෙන් මොනවා හරි කියවුණොත් ප්‍රශ්නයක් වෙනවා. කට නිසානේ ඔක්කොම නහින්නේ, ඒ් නිසා අපි කට පරිස්සම් කර ගෙන අපිට පවරණ රාජකාරිය හරියට කලොත් කිසි ප්‍රශ්නයක් නෑ,මම නම් වැඩ කරන්නේ නැති ඇමතිවරු හිටියොත් එවැනි තීන්දු ගන්නවා.

කැබිනට් සංශෝධනය ගැන මමත් අද උදේ පත්තරෙන් දැක්කේ. කැබිනට් සංශෝධනය කොතන්ට යනවාද කියලා මම දන්නෙත් නෑ. ඒ්ක ඒහෙම් පිටින්ම නැති වෙයිද දන්නෙත් නෑ, රටට වැඩක් කරන්න ඇමතිකම නෙමෙයිනේ ප්‍රශ්නය තියෙන්නේ,තනතුර කොතන තිබුණත් එකට ඉන්නවා නම් අවබෝධයෙන් කටයුතු කරන්න අවශ්‍යයි,එහෙම නැතිව පරස්පරව එකට එක කථා කරගෙන කටයුතු කලොත් අපිට ගමනක් යන්න බෑනේ”

RECENT ARTICLES - SINHALA

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...

හරක් කටාට පනින්න උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට...

POPULAR ARTICLES