24 C
Colombo
Thursday, February 13, 2025

සති අන්තේ රිවස්ටන් යනවනම් දැනගෙන යන්න

- Advertisement -

ලෝක උරුම නකල්ස් කලාපයේ රිවෙස්ටන් සහ පිටවල පතන නැරඹීම සදහා දේශිය සහ විදේශීය සංචාරකයින් විශාල පිරිසක් සති අන්ත දිනවල පැමිණීම නිසා ඉතා අධික වාහන තදබදයක් පවතින බැවින් සංචාරකයින් රැගෙන ආසන 54 සහ ආසන 57 බස්‍ රථවලින් පැමිනිමෙන් වලකින ලෙස සංචාරකයින්ට දැනුම් දීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,බුද්ධ ශාසන ,ආගමික කටයුතු සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.

රිවස්ටන් මාර්ගයේ වාහන දෙකකට මාරුවිය නොහැකි පටු වංගු 07 ක් තිබෙන බවත් එවැනි වංගුවලදී විශාල ප්‍රමාණයේ බස්‍ රථවලට මාරු වීමට නොහැකි බැවින් මෙම තදබදය උග්‍ර වී තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සදහා තාවකාලික පියවරක් ලෙස සති අන්ත දිනවල ආසන 54/57 බස් රථ පැමිණීම හැකිතාක් දුරට වැලැක්වීමට තිරණය කර තිබෙනවා.

මෙසේ පැමිණෙන බස් රථ සහ වෙනත් වාහන ඇතැම් අවස්ථාවල පිටවල පතන ප්‍රදේශයේ ගාල් කොට තිබෙනු දැකිය හැකි බවත් එය මෙම ප්‍රදේශයේ ජෛව විවිධත්වයටද අහිතකර ලෙස බලපා තිබෙන බවටත් මෙහිදී හෙළිව තිබෙනවා.

විශේෂයෙන්ම පිටවල පතනට ආවේනික ගල්පර මැඩියා ,සහ මාංශ භක්ෂක ශාඛ විශේෂ රැසකට ද මේ තත්ත්වය තර්ජනයක් වී තිබෙන බවයි සඳහන් වන්නේ.

එබැවින් පෙබරවාරි මාසයේ සිට සති අන්ත දිනවල ආසන 54,57 බස් රථ මෙම ප්‍රදේශයට රැගෙන ඒමෙන් වලකින ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටීමට අදාල කිමිටුව තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

POPULAR ARTICLES