30 C
Colombo
Wednesday, February 19, 2025

ළමයින්ට ආරක්ෂාව දෙන්න බැරි නම් ගෙදර යන්න..! – ගීතාගෙන් නිලධාරීන්ට සද්දයක්

- Advertisement -

ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් අද (25) දිනයේදී විශේෂ සාකච්ජාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබෙනවා.

මේ සාකච්ඡාවෙන් අනතුරුව ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව කඩිනමින් විසඳුම් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට ද සැලසුම් කොට ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසන්නේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමයින් සම්බන්ධ සිදුවීම්වලදී නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ද ඇමැතිවරිය චෝදනා කර සිටිනවා.

පවතින ප්‍රවණතා හමුවේ එම අධිකාරිය තම නිද්‍රාශීලී ප්‍රතිපත්තියෙන් අවදි වී කාර්යක්ෂමව කටයුතු කළ යුතුව ඇති බවත් යම් නිලධාරියෙකුට ළමයින් සම්බන්ධ කරුණුවලදී කාර්යක්ෂමව කටයුතු කළ නොහැකි නම් රැකියාව අතහැර ගෙදර යා හැකිබ්වත් ඇමතිවරිය අවධාරණය ක‍රනවා.

එමෙන් ම, ඉදිරියේදී ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරිය ලෙස නව යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් ගීතා කුමාරසිංහ තවදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES