31 C
Colombo
Friday, April 19, 2024

කරතොත් කරන්න හරියට, බැරිනම් යන්නකො අහකට..! – රනිල්ගෙන් රතු එළියක්

- Advertisement -

වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටියි නම් වහාම ඉවත්ව යන්නැයි ජනපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) දින අනුරාධපුරයේදී අවධාරණය කර සිටියා.

ඒ, අනුරාධපුර පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාවට එක්වෙමින්.

වැඩක් නොකරන රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට තමා සූදානම් නොමැති බවයි එහිදී ඔහු පවසා සිටියේ.

”අද අපේ ආර්ථිකය වෙන අවුරුදුවලට වඩා 8%කින් අඩු වෙන්න යනවා.ඒක සීඝ්‍රයෙන් දැන් සිදු වෙනවා. ඒකේ විපාකය තව ටිකකින් හැම එක්කෙනාටම තේරෙන්න යනවා. මෙහෙම සීග්‍රයෙන් අඩු වුණා නම් ඒ වගේම අපි බලන්න ඕන ආපහු තල්ලු කරලා දියුණු වෙන්න.ඉතිං කොහෙන්ද අපිට ඉස්සෙල්ලම ආර්ථිකය සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්.මහ කන්නයේ ගොවිතැන අපි ගොවිතැන හරියට සාර්ථකව කරනවනම් ආපහු අඩු වුණා. ආර්ථිකය ඇකිලුණ ආර්ථිකය තල්ලු කරන්න පුළුවන්.එහෙනම් අපි බලන්නේ ආණ්ඩුවක් හැටියට මහ කන්නයට යොදවලා වැඩ කටයුතු කරන්න.පොහොර දෙන්න පොහොර වලට අපිට දැන් ආධාර ලැබිලා තියනවා.බීජ ලබලා දෙන්න, ඩීසල් ලබලා දෙන්න, තෙල් ලබලා දෙන්න, ඒ වැඩසටහන දැන් ආණ්ඩුවෙන් කරගෙන යනවා.

ආණ්ඩුව හැම එකක්ම ලබලා දෙනවා මෙතනින් අපි පටන් ගමු. ඒ වගේම ධීවරයන්ට පුළුවන් තෙල් ලබලා දෙන්න.විශේෂයෙන්ම තේ රබර් පොල් ක්‍රමාණුකූලව ඒ අයටත් පොහොර ලබලා දෙන්න. කෘෂිකර්මයෙන් අපි ඉස්සෙල්ලම ඉදිරියට යන්න බලන්න ඕන. අපි කැපවෙමු දැන් මහ කන්නෙදී හොද අස්වැන්නක් ලබා ගන්න. ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්නවා නිලධාරීන් දිසා ලේකම්තුමා තුන්දෙනෙක්ද හතරදෙනෙක්ද? නමයක් ඉන්නවද ඒගොල්ලො ගොවිතැන් කළත් ඇතිනේ. තව මොකක්වත් උවමනා නෑ. අපි ඒ අයට තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාසේ බෙදලා හැම එක්කෙනාම කොටසක් වාර්තා කරන්න කියමු. වැඩ කරනවනම් වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න.නිකන් ගෙවන්න ලෑස්ති නෑ . ඒක දිසාලේකම් තුමාට බලාගන්න වෙයි. ප්‍රාදේශීය ලේකම්වරු එක්ක. දැන් කාටවත් නිකන් කන්න බෑ මොකක් හරි කරන්න ඕන.මොකද අපියි ගෙවන්නේ.මටත් නිකන් කන්න බෑ මොකක් හරි කරන්න ඕන.

මම මේක දියුණු කලේ නැත්නම් මටත් යන්න වෙනවා. දැන් ආණ්ඩුවෙන් ජීවත් වෙන කාලේ ඉවරයි. ජනතාව බලන්නේ දේශපාලනඥයින්ගෙන් මේකට විසදුමක් හොයලා දෙන්න කියලා. ඒක අපි හොයලා දෙන්න ඕන.පරණ දේශපාලනය උවමනා නෑ ඡන්දයක් තියනවා කියලා පැනලා යන්න එපා.ඊට ඉස්සෙල්ලා බැහැලා මේ වැඩ කටයුත්ත කරන්න. මම ඔක්කොම පක්ෂ එක්ක කතා කරනවා මම කැමතියි ඔක්කොම එකට එකතු වෙන්න.”


RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...