33 C
Colombo
Friday, March 29, 2024

බොනව නම් බීපං ; නැත්තන් තලේබාන් නොවී නොබී හිටපං..!

- Advertisement -

මත්පැන් පානය කිරීම හෝ නොකිරීම කෙනෙක්ගේ පුද්ගලික තීරණයක් බවත් යමෙකුගේ පුද්ගලික රුචිකත්වයන් පාලනය කරන තලේබාන් රටක් බවට ශ්‍රී ලංකාව පත් නොකළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

පවතින ක්‍රිකට් තරඟාවලි වලදී 6-4 පහරවල් වලට අනතුරුව කාන්තාවන් නර්තනයේ යෙදෙන බැවින් තලේබාන් ඇෆ්ගනිස්ථානය තුල ක්‍රිකට් නැරඹීම තහනම් කළ අයුරින් ශ්‍රී ලංකාව තුල කටයුතු නොකළ යුතු බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.

සුරාසැල් වසා තිබුණද ධනවත් පුද්ගලයන් දිගින් දිගටම විස්කි පානය කළ බවත් සාමාන්‍ය ජනතාවට නීති විරෝධී විෂ මත්පැන් වලට යොමු වීමට සිදුවූ බවත් ඔහු පවසනවා.

“සල්ලි තියෙන එකා ලොක්ඩවුන් තිබුණත් නැතත් විස්කි ටික ගෙදරටම ගෙන්න ගන්නවා. මිනිහා කසිප්පු වලට යන්නෙ නෑනේ. ඒත් අර එදිනෙදා වේල කාලා, කුඹුරු කොටලා යන මිනිහා, ත්‍රීවිල් එක එලවන මිනිහා කසිප්පු වලට යනවා ලොක්ඩවුන් එක කාලෙ.

බාර් ඇරලා රජය කිව්වෙ නෑනේ රටේ ඔක්කොම බාර් වලට පලයන් කියලා. කැමති මිනිහයි බොන්නේ. බොන මිනිහා බොන එක නවත්තන්න බෑ නීති දාලා. මේක තලේබාන් රටක් ද?”යැයි ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

500ක අල්ලසක් ගත් සැරයන් වසර 4ක් හිරේ

රුපියල් 500 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...