27.8 C
Colombo
Monday, June 23, 2025

හරියට දුන්නොත් ගොඩ, වැරදිලා දුන්නොත් අංගොඩ – සුජීව

- Advertisement -

සමඟි ජන බලවේග ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යනු පන්සිල් පද පහම රකින නායකයෙක් බවත්, ජනතාවගේ මුදල් සත පහක්වත් සොරකම් නොකරන බවත් සමඟි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි සුජීව සේනසිංහ මහතා පවසනවා.

ඒ හේතුවෙන් එළඹෙන 21 වෙනිදා ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සියළු දෙනාගේ ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද ඔහු මෙහෙදී කිය සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (15) මඩකලපුවේ පැවති ජන රැළියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ,

“සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ පන්සිල් පද පහම රකින ප්‍රේමදාස මහත්තයාගේ පුත්‍රයා. සජිත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ දක්ෂතාවය පාවිච්චි කරලා නිවාස 20,000කට වැඩි ප්‍රමාණයක් හදලා ඒවගේම පන්සල් පල්ලි කෝවිල් 3000කට වැඩි ප්‍රමාණයක් ලැබිච්ච ඉතාමත් ස්වල්ප අවස්ථාවෙන් එතුමා ප්‍රයෝජනයට අරගෙන අපේ රටේ ජනතාවට උදව් කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා සත පහක්වත් හොරකම් කරන්නේ නෑ. හැම සතයක්ම වියදම් කරන්නේ අපේ දුප්පත් ජනතාව වෙනුවෙන්. එයා බිස්නස් ක්ලාස් එකේ රට යන්නේ නෑ, පාටි දාන්නේ නෑ, අරක්කු බොන්නේ නෑ, අපේ ජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නෑ. ඒක නිසා හරියට දුන්නොත් ගොඩ වැරදිලා දුන්නොත් අංගොඩ.”

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...