24 C
Colombo
Saturday, May 24, 2025

IMF ගියොත් අනිත් අයගෙනුත් ණය ලැබෙනවා

- Advertisement -

මෙරට මුහුණ දී සිටින ඩොලර් හිඟය නිරාකරනය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුවීම හරහා අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින්ද ණය ගැනීමේ හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ නායකපාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (25) පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

ලබන වසර මැද වන විට බිලියන 06කට ආසන්න ණය මුදලක් ගෙවීමට ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපකාර ලබාගැනීම හැර වෙනත් විකල්පයක් රජයට නොමැති බවයි වික්‍රමසිංහ මහතා පවසන්නේ.

ලෝකයේ අනෙකුත් රටවල් හා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් අර්බුදකාරී තත්ත්වය යටතේ රැකියාවලින් ඉවත් කිරීම වැනි කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අවස්ථාවේදී නොපනවනු ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම අනෙකුත් මූල්‍ය ආයතනවලින් ණය ගැනීමට ලැබෙන සහතිකයක් ලෙසට සැලකිය හැකි බවත් මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුමයටතේ රුපියලේ අගය 240ට තබාගත හැකි වුවද මූල්‍ය අරමුදල සමග ගනුදෙනු නොකළහොත් ඩොලරයකට ගෙවිය යුතු මුදල රුපියල් 300ක් දක්වා ඉහළ යාමට ඉඩ තිබෙන බවත් ඒ මහතා අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

මාලිනිය වෙනුවෙන් ජනපති තැබූ සටහන

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්...

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. අද (24) කොළඹදී...

POPULAR ARTICLES