31 C
Colombo
Friday, April 19, 2024

මට හූ කිව්වොත් මම නිකන් ඉන්නෙ නෑ..! – ජොන්ස්ටන්

- Advertisement -

තමා යන ජන හමුවලට හූ කීවහොත් තමා නිකන් නොසිටිනා බවත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඒ, අද (21) බලපිටියේ පැවති උත්සවයකට එක්වෙමින්.

කෙසේ නමුත්, රටේ හොදම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ මේ කාලයේ බවයි ඔහු පවසන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඇත්තටම අද ජනතාවට ප්‍රශ්න තියෙන බව ඇත්ත. බඩු මිල ප්‍රශ්නය ගෑස් ප්‍රශ්නය, කිරිපිටි ප්‍රශ්නය, ඉන්ධන ප්‍රශ්නය තියෙනවා. අපි ඒ බව පිලිගන්නවා. ඒ වෙනුවෙන් කනගාටුවෙනවා. මේ ප්‍රශ්න සියල්ලම තව සති කිහිපයක් යද්දී නැතිවෙලා යනවා. ආයෙත් සුපුරුදු පරිදි ජන ජීවිතය යථා තත්වයට පත්වෙනවා.

මේ ඇතැම් ප්‍රශ්නවලට අපේ සමහර ඇමතිවරුනුත් වග කියන්න ඕන. හිටපු තෙල් ඇමති කිව්වා තව තෙල් තියෙන්නේ දවස් හතරටයි කියලා. ජනතාව හොදටම බයවුනා. ඇති තරම් තෙල් එක් රැස් කර ගත්තා. ඇමතිනේ කිව්වේ තෙල් තියෙන්නේ දවස් හතරටයි කියලා. ඔය වගේ ඇමැතිවරුත් අපේ රජයේ හිටියා. ඒ අය රජයේ ඉදගෙන වෙනත් අය සමග සම්බන්ධකම් පවත්වමින් රජය පෙරලන්න කටයුතු කළා. මේ අය තමන් වැඩකාරයින් බව හගවමින් ජනපතිටත් හොද මුහුණ පෙන්වමින් ආණ්ඩුව පෙරලන්න කටයුතු කළා.

අද ජනතාවට මොන ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධවුනත් ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් තියෙනවා. හැබැයි මේ වෙනකොට වෙන ආණ්ඩුවක් තිබුනානම් ජනතාවගෙන් බොහෝ පිරිසක් මැරිලා ඉවරයි. ප්‍රේමදාසටයි දිසානායකටයි ඕන ලේ බලන්න. මිනි බලන්න. ඒ අයගේ ආශාව ඒක තමයි. දෙන්නාම එකයි. ඒ අය බලන් ඉන්නේ රට ලේ විලක් වෙනවා දකින්නට. ජනතාව උසි ගන්වලා පාරට ගෙනල්ලා කරන්න හදන්නේ ඒකයි.

මේ කාලයේ තමයි රටේ හොදම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලය වටලන්න දිසානායකලා ප්‍රේමදාසලා ආවත් නියපිටින් කෙනෙකුට පහරක් ගහන්න සිද්ධ කලේ නැහැ. මේ රට ගොඩගන්න පුළුවන් එකම නායකයා ගෝටාභය රාජපක්ෂ මහතායි. තව සති කිහිපයකින් රට යථා තත්වයට පත්වෙනවා. ඒ ගැන කිසිදු බයක් තියාගන්න එපා.”

RECENT ARTICLES - SINHALA

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්...

පාසල් දරුවන් වෙනුවෙන් සබලකෘත සහල් බෙදා දීම ඇරඹේ

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ...

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...