31 C
Colombo
Wednesday, February 12, 2025

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

- Advertisement -

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසා සිටියේ අද (16) දින කොළඹදී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීය.

දැනට සිදුවන ක්‍රියාවලිය තුළ එක්කෙනෙක් දෙන්නෙක් මාධ්‍යය ඉදිරියට පැමිණ කරන ප්‍රකාශවලින් දෙපාර්ශවයේ එකතුවට හිතකර තත්ත්වයක් නොපෙන්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

සාකච්ජා කර වැරදි නිවැරදි කරගනිමින් බලහත්කාරයෙන් තොරව එකමුතු වීම අවශ්‍ය බව පැවසු රවී කරුණානායක මහතා,

”අනවශ්‍ය විදිහට වෙන්වීමක් වුණේ. ඒ වෙන්වීම එකතුවෙන්නම අවශ්‍යයි. මහ ජන්දය තුළින් පේනවා එකට ගියා නම් අපි ජයග්‍රහණය කරනවා. වෙන් වූ නිසා තුන්කොන් සටනකින් ප්‍රශ්නයක් ඇතිවුණේ. ඒකාබද්ධ වීම තුළ අවංක විය යුතුයි. මේක නිකරුණේ වචනයක් දාලා එක්කෙනෙක් දෙන්නෙක් එක්සත් ජාතික පක්ෂයට තෘප්තියක් ඇතිවෙන විදිහට කටයුතු කරන්න බැහැ. පක්ෂ දෙකම ඒකේ ගෞරවය රකින්න පුළුවන් වෙන විදිහට තමයි එකතු වීමක් අවශ්‍ය. ඒ විශ්වාසය ඇතිකරන්න ඕනේ. පත්තරවලින් එකතුවීමක් කියල හදවතින් එකතුවෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එක්සත් ජාතික පාක්ෂිකයින් ලක්ෂ ගණන් ඉන්නවා. ඒගොල්ලෝ එදා ජන්දයක් දුන්නේ නැත්තේ යම්විදිහකින් ඒ අයට අමනාපයක් තිබ්බා මේ යන විදිහ හරි නෑ කියල. එක්සත් ජාතික පක්ෂය සජබ එකතු වීම අවශ්‍ය දෙයක් වගේම එය ගෞරවයෙන් කළ යුතු දෙයක් මිස බලහත්කාරයෙන්, ඒ පක්ෂයෙන් මිනිස්සු උස්සන එක වගේ කටයුතු කිරීමක් වගේ ප්‍රකාශවලට මම එකඟ වෙන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් මාධ්‍යට ඇවිත් කරන ප්‍රකාශ තුළ හිතකරභාවයක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළ ඒ අයත් එක්ක සාකච්ජා කරලා වැරදි නිවැරදි කරගෙන දෙකේම තියෙන ශක්තිය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි බලන්න තියෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

රාජ්‍ය සේවක අවම වැටුප 20,000කින් වැඩි කරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම...

යළිත් විදුලි කප්පාදුවක්? තීරණය අද

නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, නොරොචෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම...

POPULAR ARTICLES

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

රාජ්‍ය සේවක අවම වැටුප 20,000කින් වැඩි කරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම...