30.9 C
Colombo
Thursday, April 25, 2024

කියන දේ ඇහුව නම් මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ..! – ආචාර්ය හර්ෂ 

- Advertisement -

තමන් දිගින් දිගටම පැවසූ දෑ කෙරෙහි අවධානයක් යොමු කළේ නම් රට මෙවැනි තත්වයකට පත් නොවන බව පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහුගේ ප්‍රකාශය පහතින්,

අපි කිව්ව දේ ඇහුව නම් මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ.

ලංකාවට විදේශ ණය සේවාකරණය කරන්න හැකියාවක් නොමැති බවත් එය අත්හිටුවන බවත් මුදල් අමාත්‍යාංශය ඊයේ (12) නිල වශයෙන් කිව්වා. අපිට දැන් කරන්නම දෙයක් නැති නිසා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ.මේ නිසා, ඉදිරියේදී අපේ රටේ ජනතාවට, ව්‍යාපාරිකයින්ට ලොකු ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවේවි. ලැබෙන ඩොලර් ටික ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට ගත්ත තීරණය හොඳ එකක්. අපි ඉස්සෙල්ලම මේක කිව්වා. මුලින්ම අපි කිව්වේ ලංකාවට මෙහෙම යන්න බෑ කියලා. ඒක නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සාකච්ඡා කරන්න කියල කිව්වා. එහෙම කිව්වේ මූල්‍ය අරමුදලෙන් ලබාගන්න පුලුවන් ඩොලර් බිලියන 03 ගැන හිතලම නෙවෙයි.

මූල්‍ය අරමුදලට ගියවිට අපිට ජාත්‍යන්තරයේ ලැබෙන විශ්වාසය ගැන හිතලා. එහෙම විශ්වාසය ගොඩනගා ගත්තා නම් අපිට මූල්‍ය වෙළෙඳපොළින් ණය ගන්න තිබුණා.මුලින්ම ඒ පියවර ගත්තා නම් මේ විදිහට ණය අත්හිටුවන්න වෙන්නෙ නෑ. ප්‍රශ්නෙ ඔඩු දුවාගෙන එනකොට අපි කිව්වා, දැන් ණය ගෙවන්න බෑ, ජනතාව පෝලිම්වල නොතියා ජනතා ප්‍රශ්න විසඳන්න කියලා. ඒකත් ඇහුවෙ නෑ. ණය ගෙවලා ජනතාව පෝලිම්වල තිබ්බා. අන්තිමට මොකද වුණේ? ණය අත්හිටුවන්න වුණා. එතකොට විදේශ සංචිත ඩොලර් බිලියන 5.5 ක් විතර විනාශ කරගත්තා.මේ විදිහට කොච්චර ප්‍රශ්න ඇතිවුණාද? දැන් ඉතින් කරන්න තියෙන්නෙ මේක තමයි. මේ කඩා වැටීම ගැන මම හදවතින්ම දුක් වෙනවා. මම මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමට කරපු උත්සාහය ගඟට කපපු ඉණි වගේ අපතේ යෑම ගැන දුක් වෙනවා. හැබැයි, මම අවධාරණය කරල කියන්නේ මේ විනාශයට ලංකාව ඇදල දාපු අයට නිසි දඬුවම් දිය යුතුයි.

– හර්ෂ ද සිල්වා

RECENT ARTICLES - SINHALA

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් සියදිවි හානි කර ගනී

කුරුණෑගල - මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල - මරලුවාව ප්‍රදේශයේ පදිංචි...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...