27 C
Colombo
Saturday, June 10, 2023

3වන මාත්‍රාවත් දැන්ම ඇණවුම් කිරීමට ජනපති උපදෙස්

- Advertisement -

එන්නත්කරණයට 03 වන මාත්‍රාවක් අවශ්‍යනම් එය දැන්ම ඇනවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (10) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි.

ලොව ප්‍රධාන පෙලේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේවන විටත් රැස් කරමින් සිටින බවත් තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් ශ්‍රී ලංකාවත් ඒ සඳහා සූදානම් විය යුතු බවත් සෞඛ්‍ය නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දෙනු ලැබුවා.

මීට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා උපදෙස් දී සිටියේ රටේ ජනගහණයටම එන්නත්කරණය කිරීමට අවශ්‍ය එන්නත් තොගත් සමඟම තුන්වන මාත්‍රාවක් වෙනුවෙන්ද අවශ්‍ය ඇණවුම් කිරීම් සිදු කරන ලෙසයි

තමා රාජ්‍ය නායකයින් සමඟ දිනපතා සකච්ඡාවේ යෙදී අපහසුවෙන් ලබා ගන්නා එන්නත් ලබා දීමේදී රජය සහ තමා අපහසුතාවයට ලක් නොවන ලෙස නිසි ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දන්වා සිටියා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.