28 C
Colombo
Wednesday, April 24, 2024

වැඩි මිලට බිත්තර විකුණුවොත් මාස 6ක් හිරේ..!

- Advertisement -

රජය බිත්තර සඳහා පනවා ඇති උපරිම පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට මාස හයක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 50 ක උපරිම දඩයක් නියම කෙරෙන බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

එලෙස බිත්තර අලෙවි කරන සමාගමකට රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා උපරිම දඩයක් හිමිවන අතර, වෙළඳසැලකට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා දඩ මුදලක් අය කෙරෙන බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට පත් වී තිබෙනවා. ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව එහි පළමු ස්ථානයේ සිටින්නේ ලෙබනනයයි.

සිබ්බාබ්වේ දෙවන ස්ථානයත් තුන්වන ස්ථානය වෙනිසියුලාවත් හතරවන ස්ථානයට තුර්කියත් පත්ව තිබෙනවා.

ලෝක බැංකුව විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා සිදුකරන ලද සමීක්ෂණයකට අනුවයි.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...