පෝලිමේ හිටියොත් තෙල් දෙන්නෑ – කංචන සැර වෙයි

ඉන්ධනහල් අසළ තවමත් පෝලිම් ඇති බැවින් කඩිනමින් එම වාහන ඉවත් කරගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. වාහන ඉවත් නොකරගන්නා ඉන්ධනහල්වලට ඉන්ධන නිකුත් නොකිරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. එමෙන්ම ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන කාඩ් පත සහ වාහන ලියාපදිංචියේ අවසන් ඉලක්කම යන දෙකම අනිවාර්යය වන බවද බලශක්ති අමාත්‍යවරයා දැනුම් දෙනවා.