29.1 C
Colombo
Friday, April 26, 2024

තලේබාන්වරුන්ගෙන් එරට මාධ්‍යවලට දැඩි වාරණ

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය සදහා හදුන්වා දී ඇති නව නීති සහ රෙගුලාසිවලට අන්තර් ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය විරෝධය පළකර තිබේ.

එම සංගමය පෙන්වා දී ඇත්තේ තලේබාන් පාලනය විසින් හදුන්වා දී ඇති නව නීති හා රෙගුලාසි හරහා ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දැඩි සීමා කිරීම් සහ පාලනයට යටත් කොට ඇති බවයි.

තලේබාන් පාලනය යටතේ ස්ථාපිත ඇෆ්ගනිස්තාන රජයේ මාධ්‍ය මධ්‍යස්ථානය පසුගියදා එරට මාධ්‍ය නියාමනය සදහා නව රෙගුලාසි 11 ක් හදුන්වා දෙනු ලැබිණ.

එම රෙගුලාසිවලට අනුව ඉස්ලාම් දහම සහ ගැටෙන කිසිදු අදහසක් ප්‍රකාශ කිරීම සහ වාර්තා කිරීම මාධ්‍යයට තහනම් කොට තිබේ.

එහි ඇතුළත් තවත් රෙගුලාසියක දැක්වෙන්නේ සියලු මුද්‍රිත, විද්‍යුත් සහ නව මාධ්‍ය ඔස්සේ ජාතික වශයෙන් වැදගත්වන චරිතවලට අපහාස කිරීමද නොකළ යුතු බවයි.

තලේබාන්වරුන්ගේ මෙම රෙගුලාසි හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය පූර්ව වාරණයකට ලක්වන බව අන්තර් ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා.

එම සංගමය මීට පෙර සදහන් කර තිබුණේ තලේබාන්වරුන්‍ ඇෆ්ගනිස්තානයේ බලය ලබා ගැනීමෙන් පසු එරට මාධ්‍ය ආයතන 153 ක් පමණ වැසී ගොස් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...