27.7 C
Colombo
Friday, December 9, 2022

IHP නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රතිපල නිකුත් වේ..! – නරකම බලපෑම ජනපතිට

- Advertisement -

වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසට සියලුම දේශපාලඥයින් කෙරෙහි පුලුල් මහජන අප්‍රසාදයක් ඇතිව තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP) විසින් සිදු කළ SLOTS මත විමසුමේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් කෙරෙහි මහජන කැමැත්ත පහළම මට්ටමට වැටී ඇති බව හෙළිව තිබෙනවා.

මෙහි දරුණුතම බලපෑමට ලක්ව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි. 2021 අගෝස්තු-සැප්තැම්බර් කාලයේ ඔහුගේ පුද්ගලික ශ්‍රේණිගත කිරීම් +50 ක පැවති අතර එම ඉහළ මට්ටමේ සිට 2022 අප්‍රේල් මාසය වන විට ඔහුගේ ශ්‍රේණිගත කිරීම් -80 දක්වා පහත වැටී ඇති බවයි අදාල වාර්තාවෙන් පෙන්වා දෙන්නේ

IHP SLOTS මත විමසුම 2021 සැප්තැම්බර් මාසයේ සිට දේශපාලනඥයින්ගේ සහ තෝරාගත් ආයතන සම්බන්ධයෙන් ජනමතය නිරීක්ෂණය කරනවා.

2021 සැප්තැම්බර් මාසයේ සිට 2022 ජනවාරි දක්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රේණිගත කිරීම් ඉහළින් පවත්වාගෙන ගිය නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ශ්‍රේණිගත කිරීම් බොහෝ විට සෘණාත්මක විය. කෙසේ නමුත් පසුගිය මාස දෙක තුළ මේ සියල්ල වෙනස් වූ අතර ජනාධිපතිවරයාගේ ශ්‍රේණිගත කිරීම් ඍණාත්මක වී ඇත.

පෙබරවාරි මස +20ක්ව පැවති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇති ජනතා කැමැත්ත අප්‍රේල් පළමු සති තුන තුලදී -80 දක්වා පහත වැටුණි, එනම් ඔහුට කැමති එක් පුද්ගලයෙකු සිටින විට ඔහුට අකමැති තවත් 9 දෙනෙක් සිටිති. ජනතා කැමැත්ත පහළ ගිය අනෙකුත් දේශපාපල්ඥයන් ද සිටින නමුත්, රාජපක්ෂගේ ජන කැමැත්තේ පහත වැටීම කෑපී පෙනෙන සුළු වේ.

මාර්තු-අප්‍රේල් කාලය තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ජනතා කැමැත්ත (-33) ක පැවති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජන කැමැත්ත පැවතියේ (-26)ක් ලෙසින්. කෙසේ නමුත් ඒ සියල්ලන්ම පසුකරමින් වැඩිම ජනතා අප්‍රසාදයට ලක්වූ පුද්ගලයා ලෙසට ජනාධිපතිවරයාගේ ශ්‍රේණිගතකිරීම (-40)ක පැවතුණි.

ජනාධිපතිවරයාට වඩාත්ම අප්‍රසාදයක් හිමිව ඇත්තේ දිළිඳු ජනතාව, කාන්තාවන්, නාගරික ජනතාව සහ සිංහල වැඩිහිටියන් යන ජන කොටස් තුල බව අදාල වාර්තාවේ දැක්වෙනවා. ශ්‍රී ලාංකිකයන්ගෙන් දුප්පත්ම තුනෙන් එකක් අතර, සජිත් ප්‍රේමදාසට (-6)ක ශ්‍රේණිගතකිරීමක් ඇති අතර වඩා සෘණාත්මක ශ්‍රේණිගත කිරීමක් ලෙසින් (-63)ක ශ්‍රේණිගත කිරීමක ජනාධිපතිවරයා සිටියි.

බොහෝ කලක සිට කාන්තාවන් අතර තිබූ පිළිගැනීම ද ජනාධිපතිවරයාට අහිමි වී ඇත. එම ශ්‍රේණිගත කිරීම පවතින්නේ විපක්ෂ නායකවරයාට (-27)ක් ලෙස සහ ජනාධිපතිවරයාට (-42)ක් ලෙසයි. ජනාධිපතිවරයාට වඩා අඩුවෙන් වුවද, විපක්ෂනායකවරයා කෙරෙහි කාන්තාවන්ගේ ඇති ප‍්‍රසාදය ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

අදාල සමීක්ෂණයේ මීට පෙර ජනප්‍රියම ඇමතිවරිය වූ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු සියලුම දේශපාලනඥයන්ට ශ්‍රේණිගත කිරීම් වලින් පහත වැටීම බලපා ඇත. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ශ්‍රේණිගත කිරීම් මෙන්ම ඔහුටත් වඩා ජවිපෙ නායක අනුර දිසානායකගේ ශ්‍රේණිගත කිරීම් ද පහළ ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ GMOA ඇතුළු රාජ්‍ය ආයතන සහ අනෙකුත් සංවිධානවල ශ්‍රේණිගත කිරීම් ද සුළු වශයෙන් පහත වැටී ඇත. මහජන අප්‍රසාදය විශේෂයෙන්ම එල්ල වී ඇත්තේ දේශපාලකයන් කෙරෙහි බව පෙන්නුම් කරයි.

IHP හි විධායක අධ්‍යක්ෂ, වෛද්‍ය රන්නන්-එලිය අදහස් දක්වමින් කියා සිටියේ, සියලුම දේශපාලඥයින්ගේ මහජන අප්‍රසාදය ඉහළ මට්ටමක තිබීමෙන් ගම්‍ය වන්නේ වර්තමානයේ කිසිදු දේශපාලන පක්ෂයක් අර්බුදය විසඳීම සඳහා සුදුසු බව මහජනයා විශ්වාස නොකරන බවයි.

IHP’s Sri Lanka Opinion Tracker Survey (SLOTS) යනු දිනපතා මහජනතාවගේ නියෝජිත සාම්පලයන් සමඟ සම්මුඛ සාකච්ඡා කරන, ජනතාවගේ එදිනෙදා ජීවිතය සහ ඔවුන්ගේ අදහස් පිළිබඳව විමසන සමීක්ෂණයකි.

ප්‍රසිද්ධ චරිතයක් හෝ ආයතනයක් ගැන හිතකර හෝ අහිතකර මතයක් තිබේ දැයි ප්‍රතිචාර දැක්වූවන්ගෙන් විමසීම මෙහිදී සිදු කරන අතර මෙහිදී ධනාත්මක හෝ සෘණාත්මක ලෙස ශ්‍රේණිගත කිරීම සිදුකරයි.

යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සෑම කෙනෙකුටම හිතකර නම් ලකුණු +100ක් හිමිවන අතර සිට සෑම කෙනෙකුටම අහිතකර නම් (-100)ක් හිමිවේ.

2021 සැප්තැම්බර් මාසයේ සිට 2022 අප්‍රේල් 24 අතර කාලය තුලදී විවිධ කොටස් නියෝජනය කරන වැඩිහිටියන් 4,603ක් සමඟ කළ සම්මුඛ සාකච්ඡා මත මෙම ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත.

RECENT ARTICLES - SINHALA

රට පුරා යළිත් ගෑස් හිඟයක්?

0
යළිත් රට පුර ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා. පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දින කිහිපයක්...

බලසම්පන්න අමේෂ් රුවන්තට අධිකරණයට ලබාදුන් අධිකරණ නියෝගය

0
නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

ඩයනා ගමගේ පෙත්සමක් නිසා සජිත්ට සහ මද්දුමබණ්ඩාරට නොතීසි

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කළ පෙත්සමක් හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබන ජනවාරි 25...

RECENT ARTICLES - ENGLISH

What did President do to Rajapaksas? – Reveals Basil

0
SLPP National Organiser Basil Rajapaksa, breaking the months-long silence said it was a correct decision to join with Ranil Wickremesinghe as the...

80% of surgical consumables bought by J’pura hospital for the Neurosurgical unit expired

0
It was revealed at Committee on Public Enterprises (COPE) that 80% of surgical consumables bought by Sri Jayewardenepura Hospital for its neurosurgical...

SLTB Chairman ordered to resign

0
Minister of Transport and Highways Bandula Gunawardena informed the Chairman of the Sri Lanka Transport Board (SLTB), Kingsley Ranawaka to resign from...