32 C
Colombo
Friday, March 29, 2024

ත්‍රීකුණාමලයේ නීතිවිරෝධී මෝර දඩයමක්

- Advertisement -

ත්‍රිකුණාමලයේ නීති විරෝධී ලෙස මෝර මත්ස්‍යයින් දඩයම් කිරීම පිළිබදව ධීවර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Pearl Protectors නම් සමුද්‍ර සංරක්‍ෂණ කණ්ඩායම විසින් ට්විටර් පණිවුඩයක් තබමින් සටහන් කර තිබුණේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ධීවරයින් දේශීය මෝර විශේෂයන් දඩයම් කරන බවටයි.

අදාළ ට්විටර් පණිවුඩය මගින් Pearl Protectors සමුද්‍ර සංරක්‍ෂණ කණ්ඩායම පෙන්වා දී තිබුණේ ධීවරයින් වැඩි වැඩියෙන් දේශීය මෝර විශේෂ මරන හෙයින් සාගර ජෛව විවිධත්ව ප්‍රදේශයක්ව පැවති ත්‍රිකුණාමලය ප්‍රදේශය මේ වන විට තර්ජනයට දැන් මුහුණ දී ඇති බවයි.

ඔවුන් පවසන්නේ “මෝරුන් සමඟ ඔබට පිහිනීමට හැකි එකම ස්ථාන නිලාවේලි සහ පරෙවි දූපත්” බවයි.

ඒ අනුව ත්‍රිකුණාමලයේ නීති විරෝධී ලෙස මෝරුන් මසුන් දඩයම් කිරීම පිළිබඳව විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ත්‍රිකුණාමලයට පැමිණීමට නියමිත බවයි.

ඒ අනුව මූලික විමර්ශන අවසන් වූ පසු වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...